මීට වසර 14 කට පෙර තලේබාන් ත්රස්තවාදීන් විසින් ඩයිනමයිට් යොදා පුපුරුවා හරින ලද ඇෆ්ගනිස්තානයේ බාමියන් නිම්නයේ යෝධ බුද්ධ ප්‍රතිමා පරිගණක තාක්ෂණය සහ ලේසර් කිරණ යොදා ගනිමින් ප්‍රති නිර්මාණය කිරීමට චීන යුවළක් සමත් වී සිටියි.
ජැන්සොන් යූ සහ ලියෑන් හූ නමැති මේ යුවළ සහ ඔවුන්ගේ කණ්ඩායම මෙම කටයුත්ත සඳහා ඇෆ්ගන් රජයේ අවසරය ලබාගෙන ඇත. ඔවුන් සමඟ දෙස් විදෙස් මාධ්‍ය කණ්ඩායමක් ද බාමියන් නිම්නයට ගියහ.
අඩි 115 ක් සහ 174 ක් උසින් යුත් බාමියන් බුදු පිළිම ඇෆ්ගන් තලේබාන් ත්රස්තවාදීන් විනාශ කළේ 2001 වසරේදීය. ඒ, ඔවුන් ඇෆ්ගන් රජය පෙරළා දැමීමත් සමඟය.
ඒ.එෆ්.පී ඇසුරිනි

COMMENTS
සත්‍ය වසන් කරන්න බැහැ. සාදු සාදු සාදු. (ස)
අනේ දෙවියනේ, කොච්චර උතුම් කටයුත්තක්ද මේ? (නි)
කඩනකන් බකන්නිලන් ඉදලා දැන් මැජික් ෂෝ දානවා. මෙපමණ අවි බලයක් ඇති රටවල් මෝඩ තලේබාන් ත්රස්තවාදීන්ට දෙවැනි උනා. (නදී)
කරපු වැඩේ ගොඩක් හොඳයි. හැබැයි ලොවපුරා ඇති බුද්ධප්‍රතිමා අපි ආරක්ෂාකල යුතුයි. (ස)
නුවන් .. මේවා යලි හදන්නේ රටකින් නෙමෙයි ...(බ)
සාදු,සාදු,සාදු!!! (නි)
හොඳ වැඩක්.ඔබට පින්! (නි)
ලේසර් තාක්ෂණයත් යොදාගන්නවා නම් මේක ත්‍රිමාණ රුපයක් විදිහට විදිහට බලාගන්න පුළුවන්. ඒත් කොච්චර කාලයක් වෙනකන්ද දන්නේ නැහැ. ලංකාවේ රජය හරි මැදිහත් වෙලා බාමියන් ප්‍රතිමා ප්‍රතිසංස්කරණය කරන්න අඩුම තරමේ යෝජනාවක්වත් කරනවා නම් බෞද්ධ රටක් විදිහට වටිනවා. තව දෙයක් මේ නුවන්ගේ ප්‍රශ්නේ මොකද්ද ? (නදී)
ඕව නැවත වතාවක් විනාශ වෙන්න නොදී ආරක්ෂා කිරීම ඒ රජයේ වගකීමක් වගේම ලොව පුරා වෙසෙන බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වීමත් විය යුතුයි. (ස)
මේ වගේ පෞරාණික පිළිමයන් විනාශ කරන එක කොහෙත්ම අනුමත කරන්න නැමැ මම නම්. හැම ආගමටම අපි ගරු කරන්න ඕනෑ. මේක දැක්කම මටත් සතුටුයි. (නි)
ලෝකයාගේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිකරන මේ මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ නැවත ගොඩනැගීම මහා පිනක්. (බ)
මේක තමයි සැබෑ ශ්‍රද්ධාව හිමි නිර්භීත බොදුනුවන් පිරිසකගේ උත්සාහය කියන්නේ. ලෝකයම ඒ බුදු පිළිම විනාශ කළ ත්රස්තවාදීන්ට බැණ බැණ ඉන්නාවිට තවත් කිහිප දෙනෙක් හෝ එය නැවත ප්‍රතිනිර්මාණය කළ හැකි ආකාරය සොයාබැලීම කෙතරම් නම් කාලෝචිතද. (නි)
ඔව් මේක 3d වලින් පේනවා... මෙම උපකරණ ඉවත් කලහම මෙය නොපෙනී යනවා ..... (ස)
මේ නුවන් වගේ තව දහයක් හිටියා නං ඇති. අනේ මහත්තයෝ ඔයාට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ගස්ගල් උඩ ඉන්න එවුන්ට නෙට් හම්බවුනාම ඔයවගේ මෝඩ ආතල් නොගෙන ඉන්නවා නං හොඳයි කියල. (ස)
දැන් ඔය අපරාද කරපු ගෝත්‍රික අය තමා අපා දුක් විදිනවා..කන්න නෑ බොන්න නැ...හැමදාම බෝම්බ පුපුරනවා..(ම)
ඒ උතුම් ක්‍රියාවට ඔවුන්ට ආත්මයක් පාසා සිතූ පැතුම් ඉටු වේවි. (අ)
පිළිම විනාස කරලා බුදු දහම විනාස කරන්න බැහැ. උතුම් මිනිසුන්ට පින්. (ම)
නුවන් එක්ක මමත් එකගයි පිළිම කඩන්න කලින් බලවත් රටවල් වලට මුකුත් කරන්න බැරි උනා අඩුම තරමේ පාරටවත් බැස්සද? ඔහොම හරි දැන් පෙන්නන එක වැරදි නැහැ හොද දෙයක් නමුත් ඒ පිළිම වල තිබුන ඵෙතිහාසික වටිනාකම නෑති වෙලා ඉවරයි. (ර)
බුදු දහම සනාතන සත්‍යයි... ඔවුන්ගේ මේ උත්සාහයට පින් සිදුවේවා.! (ර)
ගොඩක් පින් ලැබෙන කටයුත්තක් (නදී)
වැඩක් වෙන එකක් නෑ.ආයේ කාලා දමාවි. (නදී)
මේ පිනම ඇති ඒ අයට සසරේ දුක නැති කර නිවන් දකින්න. සාධු සාධු සාධු !! (නදී)
ඔබට ඒ අමාමහ නිවන් සුව බොහෝ දුර නොවේ.උතුම් බුදු දහම ලොව පුරා පැතිරීමට මේ පින් හේතුවේවා! (නි)
ඔය රටවල් සියල්ලම වගේ බුදු දහමින් සැනුසුනු රටවල්! (ර)
විනාශ කරනවා දැක දැක දුක්වුණා. දැන් සතුටක් දැනෙනවා. මේ පිංකමට ඔබලාට පිං! (නි)
අපේ රටේ අය අනුන්ගේ රටක පිළිම විනාශ කරපුව ගැන කියනවා . බලන්න ඇස් ඇරලා ලංකාවේ බුදුපිළිම දාගැබ් හාරලා විනාශ කරලා නිදන් හොයනවා. (ර)
3D වලින් හරි කමක් නෑ ආයෙමත් ඒ පිළිම වහන්සේ දැක ගන්න ලැබෙනවානම්. තලේබාන් අය ඩයිනමයිට් දැම්මේ ලෝකයේම බෞද්ධයන්ගේ පපුවලට. (ම)
මම කිව දේට සමහරුන්ට හිත රිදිලා, මොකද මම කිවේ ඇත්තනේ. ත්රස්තවාදීන් සමග අවි බලයෙන් මිස අන් බලයකින් දිනිය නොහැක. අනික බුදු පිළිම විනාශ කරද්දි ලොවම බලා සිටියා හෙළාදක්ක, නමුත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. (ම)
සාධු ! සාධු !! සාධු !!! මේ උතුම් පුණ්‍ය කර්මය මමත් සතුටින් අනුමෝදන් වෙමි. පොඩි දුකකට තිබුනේ මගේ නමම තියෙන, නමුත් නමේ අර්ථය නොදරන කෙනෙක් අදහසක් දාලා සිත දූෂණය කරවන ආකාරයේ. ඔය වගේ අය බුද්ධ කාලයේත් සිටියා. ඒවායෙන් සිත කිළිටි කරනොගෙන මෙබඳු උතුම් පින්කම් අනුමෝදන් වෙන්න සැමටම පින් වැඩේවා. මෙබඳු පින්කමක් කරන්න සිත නැමෙන්නේ ඉතා අධික ශ්‍රද්ධාවක් තිබෙන, අධික ප්‍රඥාවක් තිබෙන අයටයි. (නි)
කඩන කන් බකන් නිලන් සිටියාලු. එහෙම නම් ඉතින් බෞද්ධයන් විදියට අපි හැමෝම අතින් ඒ ටික තමයි වෙලා තියෙන්නේ. මොකෝ ඔන්න දැන් කඩනවා කියල ගෙවල් වලට ඇවිත් කියල නෙවෙයිනේ කැඩුවේ. දැන් මේ චීන කට්ටිය මේ වෙනුවෙන් කල දේ හරි අගය කරන එක හොඳයි නේද ? (නදී)
මම බුද්ධාගමේ නොවුණත් බුදු හිමි ගැන විශාල ගෞරවයක් භක්තියක් තිබෙන කෙනෙක්.බුදු හිමියන්ගේ දර්ශනයෙන් මා ලබන්නේ විශාල මානසික තෘප්තියක්. අනේ! මේ කරන පින්කමේ බල මහිමයෙන් මේ දෙපලට සෙතක් ශාන්තියක්ම වේවා!! (නි)
නුවන් රටතොට ගැන සහ දේ්ශපාලන ක්‍රමය ගැන වැඩි අවබෝධයක් නැතුවා වගේ (නි)
සාදු සාදු සාදු ! (නදී)
අනේ නුවන් වගේ සර්ව අශුභවාදීන් මෙතන කොමෙන්ට් කිරීමෙන් වලකින්න. සැමගේ සිත් පහන් වේවා! (ම)
බොහෝ පින්! (නි)
හොඳ වැඩක්. (ස)
ඉතාම වැදගත් පින්කමක්. තුණුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් මෙම සද්කාර්යය සාර්ථක වේවා ! (නි)
එම උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේ මේ පව්කාරයන් විනාස කිරීමට පෙර මට බලා ගන්න බැරි උනානේ. (ස)
විනාශ කරනවා දැක දැක දුක් වුණා. දැන් සතුටක් දැනෙනවා. මේ පිංකම ඔබලාට පිං (ම)
ඔබට දිරිය ශක්තිය ලැබේවා! (නි)
මාත් සමඟ ඇෆ්ගනිස්තානයෙන් පලාවිත් සරණාගත විසා ලැබූ ඇෆ්ගන් ජාතිකයෙක් වැඩ කරනවා. ඔහු මේ ප්‍රදේශය කිට්ටුවමයි පදිංචිවෙලා ඉඳලා තිබෙන්නේ. මේ ප්‍රතිමා ගැන ඔහු කතා කළේ ජාතික වස්තුවකට වුණ විනාශයක් වගේ. ඒ ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් වුණත් මේ ප්‍රතිමා ගැන ඉතාම ආඩම්බරයෙන් ඒ කාලයේ ජීවත්වෙලා තිබෙන්නේ. (නි)
මේක නම් ලොකු පින්කමක් (නි)
හොඳ දෙයක් වුණත් මෙය මායාවක් නොවේද? (නි)
සාදු සාදු සාදු!!! (නි)
ගොඩක් පින් ලැබෙන වැඩක් (ම)
මෙි කරන සත් ක්‍රියාවට මහත් පිං, මහත් ආනිශංස ලැබෙන්න ඕනේ.(නදී)
ලොකුම ලොකු පිනක් බුදුසරණයි (නදී)
නුවන්ගේ ආගම මොකද්ද ? (ම)
හොඳ දෙයක් මුළු හදවතින්ම අගය කළයුතුයි (නි)
මම නම් මේ කළ සද්කාර්යය ගැන සතුටු වෙනවා මිසක් මෙහි ඇද පලුදු සොයන්න යන්නේ නැහැ. මෙහෙම දේවල් මායාවල් ආදී වශයෙන් අර්ථ දක්වන්න ගියොත් සුමන මාලාකාරයාගේ මල් වැල් බුදුන් වහන්සේගේ ශ්‍රී ශරීරය වටා වියන් බැඳුනු හැටි ගැනත් සැක ඇතිවෙන්න පුළුවන්. එම නිසා මෙම සිදුකළ කාර්යයට මේ උදවියට පින් දෙමි. එක මොහොතක් මේ පින්තූරය දැක පාඨක භවතකුගේ සිත පහන් වුවේද ඔවුන්ට ඒ පින්කම මහත් පල මහානිසංසයි. (නි)
මේකේ වීඩියෝ එකක් අපිට බලන්න බැරිද?? (නි)
අනේ! හරිම සතුටක් දැනුනා (නි)
ලොකය අනිත්‍යයයි, බුදුදහම සත්‍යයයි.නිර්මල බුදුදහම කිසිදා විනාශකළ නොහැකියි. (නි)
මම වසර 20 කට වඩා මේ රටවල වැඩකරලා තියන කෙනෙක්. තාමත් මේ කලාපයේ වැඩ. මම සජීවී තලේබාන් අය දැකලා තියනවා.ඇෆ්ගනිස්තාන ජාතිකයින් උදේ හවා හමුවෙනවා. මම කිව්වේ සහතික ඇත්ත. මේ අය සමඟ කවදාවත් තර්කයෙන් සමගියෙන් දිනන්න බැහැ. මගේ අදහසට විරුද්ධ අය කවදාවත් ලංකාවෙන් පිට නොගිය විදෙස් පුවත් නොකියවන මෝඩයෝ.අවි බලයෙන් මිස වෙන කිසි බලයකින් මොවුන් පරාජය කළනොහැක (නි)
පරිගණක තාක්ෂණය සහ ලේසර් කිරණ යොදා ගනිමින් ප්‍රති නිර්මාණය කිරීම කියන්නේ රූපයක් විතරද? එම තාක්ෂණික උපකරණ ඉවත් කරාම එ්ක නොපෙනී යනවද? මට තේරෙන්නේ නෑ. කියා දෙන්න (ම)
සාදු (බ)
ප්‍රඥාවන්තයාගේ ලක්ෂණය නම් මෙහි පළවූ පුවතට අදාලව අදහස් ලිවිම මිසක් තමන්ගේ දැන උගත්කම සහ විදේශ සංචාර දේශාටන අත්දැකීම් ගැන මෙතැන උදම් ඇනීම නෙවෙයි. අපි මේ සද්කාර්ය ගැන සතුටු වෙමු. එම චීන උදවියට නිරෝගී දිගාසිරි පතමු (නදී) .
මම නම් ඉතින් කිසිම රටකට ගියේ නැති මෝඩ පහේ බවලතෙක් තමයි. හැබැයි ඉතින් නිතර අන්තර් ජලය පරිහරණය කරන පුවත් පත් කියවන දැනුම සොයන කෙනෙක් . මේ දවස් වල කියවන්නේ මේ ලෝකයේ කිසිම හොඳ දෙයක්, සමාජ සත්කාරයක් , ස්වෙච්චා සේවයක් අගය කරන්න බැරි උද්දච්චයෙකුගේ චරිතාපදානයක් . (ස)