අති ප‍්‍රබල භූමි කම්පාවකින් සහ සුනාමියකින් බැට කෑ ජපානයේ කඩා වැටුණු සංචාරක කර්මාන්තය යළි ගොඩ නැගීමේ අරමුණින් විදෙස් සංචාරකයන්ට නොමිලයේ ජපානයේ සංචාරය කිරීමට අවස්ථාවක් ලබා දෙන බව බලධාරීහු පවසති. කඩා වැටුණු ජපන් සංචාරක ක්ෂේත‍්‍රයේ නව පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් ලබන වසරේ සංචාරකයන් දසදහසකට ජපානයට පැමිණීමට නොමිලයේ ගුවන් ටිකට්පත් ලබාදීමට කටයුතු කිරීමට එරට සංචාරක අමාත්‍යාංශය කටයුතු කිරීමට සූදානමින් සිටියි. තෝරාගත් පිරිසකට මෙම වරප‍්‍රසාදය හිමිවන බවත් ජපානයේ සංචාරය කළ පසු ජපානය පිළිබඳ සුභවාදී වාර්තාවක් සංචාරකයන් ගෙන් ලබාගෙන එය අන්තර්ජාලයට එක් කිරීමටත් ජපාන සංචාරක අමත්‍යාංශය බලාපොරොත්තු වෙයි. ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය හරහා මේ සඳහා ලියාපදිංචි වීමට හැකි බවද සංචාරක අමත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියි.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. (ස)
හොඳ අදහස (ස)