පැය ගණනකින් මරණයට පත්වනු ඇතැයි වෛද්‍යවරුන් පළකළ මත පුස්සක් කරමින් අවුරුදු 15 ක්ම ආයු වළදා ගිනස් වාර්තා පොතටද තම නම ඇතුළු කර ගැනීමට සමත්වූ ‘‘ෆ‍්‍රෑන්ක් හා ලූවී‘‘ නම් දෙබඩි මුහුණු බළලා පසුගියදා මිය ගියේය.
මිය යෑමට හේතුව පිළිකාවක් බව සදහන්ය.
ෆ‍්‍රෑන්ක් හා ලූවී ගේ ස්වාමිදුවණිය වන මාර්ටි ස්ටීවන්ස් පවසන්නේ මිය යනු ඇතැයිද,ජීවත් වුවත් වදයක් වනු ඇතැයිද බොහෝ දෙනා පැවසූ මුත් තම සුරතලා ඉතා සුවපත්,සැපවත් ජීවිතයක් ගත කළ බවයි.
පශු වෛද්‍ය හෙදියක ලෙස සේවය කරන මාර්ටිට ෆ‍්‍රෑන්ක් හා ලූවී හමුවී තිබෙන්නේද අහම්බෙනි.දිනක් ඇය සේවය කරමින් සිටි වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණි අයෙක් මේ දෙබඩි මුහුණු බළලා ඉදිරිපත් කර අනායාස මරණයක් අත්කර දෙන මෙන් ඉල්ලා තිබේ.
නමුත් මාර්ටි කර ඇත්තේ ඔහුගෙන් බළලා ඉල්ලාගෙන තම භාරයට ගැනීමයි.
බළලා ‘‘ෆ‍්‍රෑන්ක් හා ලූවී‘‘ ලෙස නම් කර තිබෙන්නේද මාර්ටිමය.
මුහුණු දෙකක් තිබුණද ෆ‍්‍රෑන්ක් හා ලූවීට තිබුණේ එක් මොළයකි.ඇස් 4 ක් පිහිටා මෙන් තිබුණත් හිස දෙපස ඇස් හැරෙන්නට මුහුණු දෙක බද්ධවී තිබුණු තැන ඇස් හරිහැටි වර්ධනයව නොතිබුණි.මුඛයන් දෙකක් තිබුණත් ආහාර ගැනීමේ හැකියාව තිබුණේ ෆ‍්‍රෑන්ක්ට පමණි.ඒ තිබුණු එකම අන්නස්‍රෝතය සම්බන්ධවී තිබුණේ ඔහුගේ මුඛයට වීම නිසාය.
මෙවන් බළලූන් හැදින්වෙන්නේ ‘‘ජානුස්‘‘ බළලූන් ලෙසය. ජානුස් නම් හිස් දෙකෙක් පැවති බව කියන ග්‍රීක දෙවියෙකුගේ නම ඔවුන්ට පබැදී ඇත.
ජානුස් බළලූන්ට වැඩි ආයු කාලයක් නැතැයි සැළකෙන මුත් ෆ‍්‍රෑන්ක් හා ලූවීට එය අදාළ නොවන සෙයකි.
තම සුරතලාගේ නික්මයෑම නිසා තමන් තවමත් සිටින්නේ කම්පනයෙන් බව මාර්ටි කියයි.නමුත් නැවත වරක් අවස්ථාව ලැබුණෙහොත් ජානුස් බළලෙක් රැගෙන හදාවඩා ගන්නා බව ඇය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන ආත්මයකදී ඔහුට හොඳ සෞඛ්‍යයමත් නිරෝගී ආත්මයක් ලැබේවා .. !!ඒ සතා හදාවඩා ග ඒ උතුම් කාන්තාවටද දීර්ඝායු නිරෝගීමත් සැපවත් ජීවිතයක් වාසනාවේවා ...!.(හේ)
නැහැ සරත් අපේ රටේ "සමහර " දේශපාලුවෝ " වගේ දෙබිඩියි (නදී)
මු ඉන්දියාවේ ඉපදිලා හිටියනං දෙවියෙක් කියල වැදුම් පිදුම් ලබයි...(අ)
යහපත් යලි ඉපදීමක් වේවා !! (නදී)