ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉකුත් සිකුරාදා (1) සිදුවුණු වෙඩි තැබීමේ සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණ දිගටම පැවැත් වෙන බව එෆ්.බී.අයි. පරීක්ෂකයෝ කියති.
ගිනි අවියක් අතැතිව ගුවන්තොටුපොළට හදිසියේ කඩා වැදුණු පොල් සෙන්සියා නමැති 23 හැවිරිදි තරුණයා සිදු කළ එම වෙඩි තැබීමෙන් මියගියේ
|
පොල් සෙන්සියා |
ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරියෙකි.
පොල් සෙන්සියා කඩා වැදුණේ, අංක 3 මගී පර්යන්තයටය. තුවක්කුකරු වෙඩි තැබීමට පටන් ගැනීමත් සමඟ ඔහු දුටු ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් මගීන්ට පහත් වෙන්නැයි කෑ ගසමින්, තුවක්කුකරු වට කළ ඇති අතර, එම අවස්ථාවේදී තුවක්කුකරු ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තබා ඇත. ආරක්ෂක අංශ පෙරළා සිදු කළ වෙඩි තැබීම්වලින් පොල් සෙන්සියා ජීවිතක්ෂයට පත්වූයේය.
පොල් සෙන්සියා දකුණුදිග නිව්ජර්සි ප‍්‍රාන්තයේ පදිංචිකරුවෙකි. ඔහු වාහන අමතර කොටස් වෙළෙඳසැල් සේවකයෙකි.
වෙඩි තැබීම සිදුවීමට පැය කීපයකට පෙර, ඔහුගේ පියා නිව් ජර්සි පොලිසියට පැමිණිලි කර ඇත්තේ, තම පුතු දිවි නසා ගන්නා බව පවසා, ලිපියක් ලියා ගෙදරින් අතුරුදන්ව ඇති බවය. මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණ අනුව, එෆ්.බී.අයි. පරීක්ෂකයන් පවසා ඇත්තේ පොල් සෙන්සියා කිසිම ත‍්‍රස්ත සංවිධානයකට අයත් තැනැත්තකු නොවන බවය.
COMMENTS
අත් අඩංගුවට ගැනීමට හැකියාව තිබියදී මරා දැමීම වැරදියි.මේ අය හැදූ නීති අපට විතරයි වලංගු. මෙම සිද්දිය අපේ රටේ උනානම් එය මානව හිමිකම් උල්ලංගනය කිරීමකි. නිවට එන්.ජී.ඕ o සහ මානවහිමිකම් මේවාට නිහඩ ඇයි? මොවුන් අපේ රටවලින් තුරන් කල යුතුයි.(නදී)
සිල්වා පැරිස්, ලංකාවෙත් කෙනෙක් පොලිසියට හෝ ආරක්ෂක අංශ වලට වෙඩි තිබ්බොත් පොලිසියට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පුළුවන්. අපේ රටෙත් "පොලිස් වෙඩි පහරින් මියගිය" උදාහරණ ඕනෑතරම් තියෙනවා. ඒවා නීතියෙන් වලංගුයි. එහෙම නැත්තම් පොලිසියේ අයගේ මානව හිමිකම් වලට මොකද වෙන්නේ? (නි)
මෝඩ හසරැල්, සිල්වා ව්‍යංගයෙන් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. (නි)
" " සමාධි, මම ලියල තියෙන්නේ මොන රටේ මෙහෙම දෙයක් උනත් මේක මානව හිමිකම් උල්ලංගනය කිරීමක් නෙමෙයි කියල. එහෙමයි කියල තේරෙන්නේ නැත්තම් මමත් ඒක "ව්‍යංගයෙන්" කිව්වා කියල හිතාගන්න. එහෙම තේරෙන්නේ නැත්තම් මට කියපු "විශේෂණ පදය" ඔබටම ගැලපෙනවා. සුභ දවසක් :) (දී)
හරිම නිදහස් රටක් ? (ස)
අපේ රටේ කොනක් අල්ලන් ඉදන් මරාගෙන මැරුණ අයට අනුකම්පා කරලා ඒ අයගෙ පැත්ත ගත්ත මේ අයට එහි ඇති භයානකකම, අන්තවාදීකම, අත් දකින්නට එයාලගෙන්ම ලොකු පාඩමක් වේවා. (ස)
මුස්ලිමි අරාබි නමක් තිබුණා නම් මේ පුද්ගලයා ත්‍රස්තවාදියෙක්. මේ රටවල දෙබිඩි පිලිවෙත. (ස)
ලලිත් ඔබ හරි, ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල පාසල් තුල , දුම්රිය ස්ථාන වෙළදසැල් තුල සිදුවන මෙවන් වෙඩි තැබීම් සහ සමුහ ඝාතන වලට හේතුව තුවක්කු භාවිතාකරන මානසික ආතතිය ඇති සුදු ජාතිකයන්. මෙහි සුදු ත්‍රස්තවාදයක් තිබෙනවා. නමුත් මේ අය එය පුද්ගලයෙකුට සීමා වුණ තනි සිද්ධියක් ලෙස ගන්නවා. නමුත් මෙය කළේ ආසියාතික හෝ මැදපෙරදිග ජාතිකයෙක් නම් ඕක ත්‍රස්ත ප්‍රහාරයක් වෙනවා. මෙහි නරක විපාක තමයි මේ දකින්නේ. (නි)
අනෙක් රටවල මානුසික අයිතිවාසිකම් නැහැ කියල කියනවා නමුත් පිරිමි කෙනෙක් උඩුකය කමිසයක් නැතිව පාරේ ඇවිදගෙන ගියත් පොලිසියට අරන් ගිහින් කුඩුවේ දානවා ඒවගේම කුලී නිවැසියන් අඩුම ගානේ සුමානයක් ප්‍රමාද වුනත් එලියට ඇදල දානවා එම තැනැත්තාට ප්‍රදේශය තුල කිසිම තැනකින් නිවාසයක් ඔහුගේ නමට ගත නොහැක ඒවා පරිගණක කර ඇති බැවින්.ඉතින් වෙපන් එකක් අරගෙන ගියොත් යටත් වුනත් නුනත් මරල තමයි ප්‍රශ්නය විසඳන්නේ එක පැත්තකින් බැලුවිට මේක තමා වෙන්න ඕන. අපරාදයක් කරලා අසුවුනොත් හොඳ රැකියාවක් ලැබෙන්නෙත් නැහැ. ආරක්ෂක සේවාව මගින් ඒවා පරිගණක කර ඇති බැවිනි.(නදී)