රථ වාහන ක්ෂේත්‍රයේ අලූත්ම පෙරළියක් සනිටුහන් කරමින් ලේසර් කිරණ බලයෙන් ජවගැන්වෙන මෝටර් රථයක් ඇමරිකාවේ ඩවර්ලට් මෝටර් රථ නිෂ්පාදක සමාගම පසුගියදා එළිදැක්වූවේය.
චැප්රල් 2 එක්ස් වීජීටී නම් වූ මෝටර් රථය ෆෝමියුලා වන් තරග වල ධාවනය වන අධිවේගී මෝටර් රථයක පෙනුම ගත්තේය.එය මාර්ගයේ ධාවනය කළ හැකිදැයි බොහෝ දෙනාට පැනයක් නැගුණත් ඉදිරි පරීක්ෂණ වලින් එහි පෙනුම සාමාන්‍ය මෝටර් රථයක් දක්වා වෙනස් කෙරෙන බව නිර්මාපකයෝ පැවසූහ.
මෝටර් රථයේ පෙනුමින් පසු අවධානය යොමුවූයේ එය ජවගැන්වෙන්නේ කෙසේද යන්නටය.ලේසර් කිරණ වලින් මෝටර් රථයක් ජවගැන්වීම මායාවී දෙයක් ලෙස පෙනෙනන්ට තිබුණි.
ඒ පිළිඹඳවද පැහැදිලි කිරීමක් කළ නිර්මාපකයෝ මොටර් රථයේ සවිකර ඇති ලේසර් කිරණ ජනකයකින් අති ප්‍රබල ලේසර් ස්පන්ද ජනනය කරවා අනතුරුව එම ස්පන්ද ආධාරයෙන් විශේෂ සුළං ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කරවා එයින් උපදින වේගවත් සුළං ධාරා උපයෝගී කරගෙන මෝටර් රථය ධාවනය කරවෙන බව සඳහන් කළහ.
මෙම සුළං ජනක යන්ත්‍රයෙන් අශ්වබල 900 ක බලයක් ලබා ගත හැකි බව පැවසුනි.මෝටර් රථය ඉතා සැහැල්ලූ වීම නිසාම එයට ක්ෂණික ත්වරණයක් අත්කර හැකි බවත් පැයට සැතපුම් 240 ක උපරිම වේගයක් කරා පහසුවෙන්ම ළගා විය හැකි බවත් වැඩිදුරටත් සදහන් කෙරුණි.
මෙම මෝටර් රථයේ රියැදුරා සිටින්නේ නිදා සිටින ඉරියව්වකිනි.එමගින් සාමාන්‍ය අවස්ථාවකදී මෝටර් රථයට එක්කෙරෙන ආම්පන්න ප්‍රමාණය අඩු කරගෙන මෝටර් රථය ඉතා සැහැල්ලූ වන ලෙස නිපදවීමට නිර්මාපකයින්ට හැකිව ඇත.
මෝටර් රථය තවමත් පවතින්නේ පරීක්ෂණ මට්ටමේය.එසේ වුවත් මෙය මෝටර් රථ වල ඉදිරි අනාගතය පෙන්වන හොදම උදාහරණයක් බව ප්‍රදර්ශනයට සහභාගීවූවන්ගේ අදහස වුනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාක්ෂණයේ තරම (දී)
අපේ පාලකයෝ මුල ඉඳලම නිෂ්පාදන හදන අධ්‍යාපනයක් ඇති කරල නෑ, කරන්නෙත් නෑ (නදී)
හොඳ පුවතක් (නදී)
උදාර, ඔයා හරි. අද ඇමෙරිකාවේ තිබෙන තාක්ෂණය ගැන නම් කියන්න වචන නැහැ (නි)
විද්‍යාත්මකයි (නදී)
විද්‍යා ප්‍රභන්ධ වල එන රියක් වගේ. (නදී)
අන්න ඇමරිකාවෙන් වුණත් හොඳ වැඩක් (අ)
හොද වැඩක්.(හේ)
ලංකාවේ කවදාවත් මේව හදන්න දැනුම තියෙන උන් බිහිකරන්න උත්සාහ කරන්නෙ නෑ කවි තතාන්දර පාඩම් කරලා ගන්න කලා උපාධියයි හොරකමයි වංචාවයි විතරයි අපේ රටේ කියෙන්නෙ.(අ)
තාක්ෂණයේ දියුණුව (බ)
මොනවා උනත් සුපිරියි (නදී)
අපේ නාමල් මන්ත්‍රී තුමා පදින කාර් එකත් මේ වගේ නේද ..? (නදී)
ඔද දේවල් කොහෙන් උනත් හොදියි. (ර)
මේවා බලා ගෙන්වන්නවත් නිෂ්පාදනය ගැනවත් හිතන්න එපා. රැකියාවන් නිර්මාණය කිරීමට හිතන්න. (නි)
මේක අලුත් තාක්ෂණයක් (නි)