ශුද්ධ වත්කම ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 514 ට වඩා ඉහළ යෑමත් සමඟ, ඇමෙරිකාව පරදා චීනය ලෝකයේ ධනවත්ම රට බවට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය මෙසේ වාර්තා කළේ සුප්‍රසිද්ධ 'මැකෙන්සි' ජාත්‍යන්තර සමාගම උපුටා දක්වමිනි. 'මැකෙන්සි' ජාත්‍යන්තර සමාගම, ප්‍රකට ව්‍යාපාරික උපදේශන සමාගමකි.
'මැකෙන්සි' සමාගමට අනුව, 'කොවිඩ් 19' වසංගතය හමුවේ වුවත්, ඉකුත් වසර දෙකක කාලය තුළ චීනයේ වත්කම් ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවය.
'කොවිඩ් 19' වසංගතය පාලනය කර ගනිමින්, ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට චීනය ගත් සියලු උත්සාහයන් සාර්ථක වීම මෙසේ ශුද්ධ වත්කම ඉහළ යෑමට හේතුවක් වී ඇති බව ද 'මැකෙන්සි' සමාගම පැහැදිලි කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රඨක ධනවත්භාවය මනින්නේ දළ දේශීය නිෂ්පාදිතය හෙවත් Gross Domestic Production (GDP) එකෙන්... ඇමරිකාව චිනයට වඩා ඩොලර් ට්‍රලියන 6ක් පමන ඉස්සරහින්