බටහිර ඕස්ට්‍රේලියාවේ යාර්ලූප් නගරය ලැව් ගින්නකට හසුවීමෙන් විනාශ වී ඇතැයි ඕස්ට්‍රේලියානෙු මාධ්‍ය වාර්ථා කරයි. නගරයේ නිවාස 95ක් පමණ ගින්නෙන් විනාශ වී ඇතැයිද නිවැසියන් තිදෙනකු ආගිය අතක් නැතැයිද වාර්ථා වේ.

රාත්‍රිය පුරා පැයට කිලෝමීටර් 65ක පමණ වේගයෙන් හමාගිය සුළං හේතුවෙන් ගින්න තවන් දැඩි වී ඇත.  ප්‍රදේශවාසීන් පවසන්නේ මීටර 50ක් පමණ උසට ගිනිදැල් පැතිරුණ බවයි.

දිගින් දිගටම පවතින තද සුළං හේතුවෙන් අවට නගර වලටද ගින්න පැතිරී යා හැකි බව බටහිර ඕස්ට්‍රේලියාවේ ගිනිනිවන ඒකකය ප්‍රකාශ කරයි.

පර්ත් නගරයට දකුණින් පිහිටි යාර්ලූප් ඓතිහාසික වශයෙන් ප්‍රසිද්ධ නගරයකි.