මාස ගණනක් තිස්සේ පැතිර යමින් තිබෙන ලැව් ගිනි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ දහස් ගණනක් පීඩාවට පත්ව මුහුදු වෙරළ වෙත ගොස් සිටිති.
මාරාන්තික අන්දමින් පැතිර යන ගිනිජාලා සංචාරකයන් අතර ප්‍රසිද්ධ ප්‍රදේශවල මෙන්ම ඇතැම් නගරවලට වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.මල්ලකූට නමැති නගරයේ පමණක් 4,000කට වැඩි පිරිසක් සිර වී සිටින බවත් එම නගරයෙන් දිගින් දිගටම දුම් වළා නැගෙන බවත් වාර්තා විය.
විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ ගිනිකොන දිග පෙදෙස්වල ලැව් ගිනි තත්ත්වය උග්‍ර අතට හැරී තිබේ.
කිලෝමීටර 200ක් දුරට වෙරළ තීරයේ මුහුදු බඩ ජනතාව භීතියට පත්ව මුහුද ආසන්නයට පැමිණි අතර ඇතැම් අය පොරෝනාවලින් සිය සිරුරු ආවරණය කරගෙන සිටියහ. ඇතැම් පිරිස් මුහුණ ආවරණය කරගෙන සිටියහ.
ඇතැම් පිරිස් අඳුරේ වුවද බෝට්ටුවට නැග මුහුද දෙසට ගමන් කළහ.
අද (31) දිනය ඕස්ට්‍රේලියාවේ පීඩාකාරීම නරකම දිනවලින් එකක් වන අතර ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් හමුදා යෙදවීමට එරට බලධාරීහු පියවර ගත්හ.
ගෙවුණු පැය 24ක මාරාන්තික බවත් එම කාලයේදී තිදෙනකු මියගිය බවත් තවත් පස්දෙනකු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවත් වාර්තා විය. ඒ අනුව 12 දෙනෙකු මේ වන විට මරණයට පත්වී තිබේ.
නගර රැසක දේපළවලට හානි සිදු වී තිබිණි.මාර්ග රැසක් ද වසා දමා ඇති බව වාර්තා විය.
(ඒ.එෆ්.පී. ඇසුරිනි)
055 / 226








(ඡායාරූප - ඒ එෆ් පී ඇසුරිනි)
2025 නොවැම්බර් මස 21
323
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
351
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1285
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ලැව්ගින්නෙන් ඕස්ට්‍රේලියානුවෝ මුහුදු වෙරළේ කොටුවෙති