IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලිබියා හමුදාව බානි වලීඞ් නගරය ගඩාෆි හිතවාදීන්ගෙන් මුදාගනී

ඝාතනයට ලක් වූ ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිට හිතවත් සටන්කාමීන් පිරිසක් අල්ලාගෙන සිටි බානි වලීඞ් නගරය සතියක් තිස්සේ දරුණු ගැටුම්වලින් පසු යළිත් තම ග‍්‍රහණයට නතු කර ගැනීමට ලිබියා රජයේ හමුදාව ඊයේ (25) සමත් විය. ගඩාෆි හිතවාදීන්ගෙන් නගරය මුදා ගැනීමට විශේෂ හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බවත්, හමුදාව ස්ථාන කිහිපයකින් නගරය වට කර පහර දුන් බවත් ලිබියා නව රජය පවසයි. බානි වලීඞ් නගරය මුදා ගැනීමේ මෙහෙයුමට හමුදාවට සම්බන්ධ නොවී තවමත් අවි අත දරා සිටින කැරැලිකරුවෝ ද එක්වූහ. එම කැරැලිකරුවෝ අවි අතට ගත්තේ ගඩාෆිට එරෙහිව සටන් වැදීමටය. රජයේ හමුදාව සහ කැරැලිකරුවන් එල්ල කළ ප‍්‍රහාර හමුවේ ගඩාෆි හිතවාදී සටන්කාමීන් 14 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් කිහිප දෙනකු බේරී පළා ගිය බවත් විදෙස් පුවත් සේවා පවසයි. බානි වලීඞ් නගරය ගඩාෆිගේ අවසන් බළකොටුව ලෙස සැළකෙයි. ගඩාෆි හිතවාදීන් නගරය අත්පත් කර ගත්තේ ඉකුත් 18 වැනිදාය. එම අවස්ථාවේ බානි වලීඞ් නගර වැසියෝ නගරය අතහැර පළා ගියහ. ඉන්පසු ලිබියා රජයේ හමුදා සහ සටන්කාමීන් අතර අවි ගැටුම්වලින් ඊයේ වන තෙක් ම පැවැති අතර එයින් සිවිල් වැසියෝ 20 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණණ 75 කි. ගඩාෆිගේ හිතවාදීන් බානි වලීඞ් නගරය අත්පත් කර ගත්තේ ගඩාෆි ඝාතනය වී වසරක් ගත වෙද්දීය. කැරැලිකරුවන් අතින් ගඩාෆි ඝාතනය වූයේ ඉකුත් වසරේ ඔන්තෝබර් 22 වැනිදාය. ඉකුත් ඉරිදා වන තෙක්ම දරුණු ගැටුම් පැවැතුණු අතර ලිබියා රජය පැවැසුවේ බානි වලීඞ් නගරයේ සිටින සටන්කාමීන් සමඟ සාකච්ඡා කර හට ගත් අර්බුදය සාමකාමීව විසඳා ගන්නා බවය. කෙසේ නමුත් එම සාකච්ඡා අසාර්ථක වූ අතර ලිබියා රජය හමුදා බළඇණි කිහිපයක් යවා බානි වලීඞ් සටන්කාමීන්ට පහර දී ඇත. නගරය මුදා ගැනීමේ පී‍්‍රතිය සමරන පිරිස්



අදහස් (0)

ලිබියා හමුදාව බානි වලීඞ් නගරය ගඩාෆි හිතවාදීන්ගෙන් මුදාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site