IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලිබියාව දැන් නිදහස් රටක්:

වසර 42 ක් පුරා ලිබියාව පාලනය කළ කර්නල් ගඩාෆි ඝාතනය කිරීමෙන් පසු ලිබියානු අන්තර්වාර රජය ඊයේ (23) සිට සිය රට (ලිබියාව) නිදහස් වූ බව ප‍්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටියේය.ගඩාෆි විරෝධී කැරැල්ල ඇරඹුණු බෙන්ගාසි නුවර සිට එය ප‍්‍රකාශයට පත් කිරීමට ලිබියානු අන්තර්වාර රජය සැලසුම් කර තිබූ අතර එය ඊයේ (23) පස්වරුවේ නිවේදනය කිරීමට නියමිතව තිබුණි.නිදහසේ ප‍්‍රකාශනය ලෙස එළි දැක්වෙන එම ප‍්‍රකාශනය ලිබියාව නව මඟකට යොමු කිරීමක් බවත්, එමෙන්ම ඉදිරි මාස අටේදී මැතිවරණ පැවැත්වීමට සූදානම් බවත් ලිබියා අන්තර්වාර රජයේ වැඩ බලන අගමැති මහමුද් ජිබ්රිල් කියා සිටී.එරට මහජන ජාතික සම්මේලනය සඳහා මැතිවරණයකින් නියෝජිතයන් පත් කර ගැනීමටත්, එමඟින් අන්තර්වාර රජයක් සහ නව අග‍්‍රාමාත්‍යවරයකු පත් කිරීමටත් නියමිතය. එම අන්තර්වාර රජය විසින් දින 60ක් තුළ නව ව්‍යවස්ථාවක් ද සකස් කිරීමෙන් පසු එම ව්‍යවස්ථාව ජනමත විචාරණයක් සඳහා යොමු කිරීම ජිබ්රිල් ප‍්‍රමුඛ වත්මන් අන්තර්වාර රජයේ පාලකයන්ගේ අරමුණ වී ඇත. එම නව ව්‍යවස්ථාව අනුමත වී මාස හයක් ඇතුළත ලිබියාවේ මහ මැතිවරණය පැවැත්වීමට ද නව පාලකයින් සැලසුම් කර ඇත.කර්නල් ගඩාෆිගේ මරණයත් සමග මාස හයකට ආසන්න කාලයක් තිස්සේ ගඩාෆි පාලනය බිඳ හෙලීමටත්, ලිබියානු ජනතාව ආරක්ෂා කර ගැනීමටත් සක‍්‍රීය දායකත්වය දැක්වූ නේටෝ සංවිධානයද එරට තුළ පවත්වාගෙන ගිය සිය මෙහෙයුම් කටයුතු අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.ඒ අනුව මේ මස 31 වැනිදා සිට ලිබියාවේ මෙහෙයුම් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන බව නේටෝ සංවිධානය අවධාරණය කර සිටී.



අදහස් (1)

ලිබියාව දැන් නිදහස් රටක්:

ඩී එස් කේ ජයනායක Tuesday, 20 April 2021 02:19 AM

ගඩාෆි සිය රටේ ජනතාවට එපා වුණු හේතුව කුමක්ද? ඒ පිළිබද විස්තරයක් අන්තර්ජාලයෙන් ලබා ගන්නට සලවන්නේ නම් අගය කළහැක .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 714 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site