අධි රුධිර පීඩනය ඇති අයට අධික ලෙස ලුණු ආහාරයට ගැනීම නුසුදුසුයැයි මෙතෙක් පැවති මතය නිවැරදි නොවන බව පර්යේෂකයෝ කණ්ඩායමක් කියති. ඔවුන් පෙන්වාදෙන්නේ සෝඩියම් රුධිර පීඩනයට හේතුවක් නොවන බවයි.
ලෝකයේ වඩාත් බහුල නිදන්ගත රෝගයක් වන්නේ අධි රුධිර පීඩනයයි. එය නිශ්ශබ්ද මාරයා ලෙස අන්වර්ථ ලබා ඇති රෝගයයි. බ්‍රිතාන්‍යයේ සියයට 30ක් පමණ අධි රුධිර පීඩනයෙන් පෙළෙති. ඇමෙරිකාවේ වැඩිහිටියන් කෝටි 6.7ක් හෙවත් ජනගහණයෙන් සියයට 31ක් ද මේ රෝගයට ගොදුරු වී සිටිති.
පර්යේෂකයන් විසින් ප්‍රංශයේ වැඩිහිටියන් 8670ක පිරිසක් සහභාගී කරගෙන සිදුකළ දත්ත විශ්ලේෂණයෙන් පසු පවසන්නේ ලුණු මගින් අධි රුධිර පීඩනය වැළඳෙන බව පිළිගත නොහැකියැයි යන්නයි.
එය තහවුරු කැර ගැනීමෙන් පසු විද්‍යාඥයන්ගේ ඉලක්කය වී ඇත්තේ ජීවන ක්‍රමය සහ පෝෂදායක ක්‍රියාවන් මගින් රුධිර පීඩනයට වන බලපෑම ගැන සොයා බැලීමයි. මේ පරීක්ෂණ වාර්තාව එළි දැක්වීමත් සමඟ මෙතෙක් ලුණු ආහාරයට ගැනීමෙන් වැළකී සිටි අධි රුධිර පීඩනයෙන් පෙළුණු රෝගීන් වැඩි වශයෙන් ලුණු ආහාරයට එක්කැර ගැනීමට පෙළඹී සිටියි.
පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ වෙනත් ශරීර දර්ශක එනම් ජීවන ක්‍රමය, මධ්‍යසාර පරිභෝජනය, වයස සහ ප්‍රධාන ලෙස ශරීරයේ ස්කන්ධ දර්ශකය රුධිර පීඩනය වැඩිවීම කෙරෙහි බලපෑම් ඇති කරයි.
පලතුරු සහ එලවළු ආහාරයට වැඩිපුර එක්කර ගැනීම මගින් අධි රුධිර පීඩනය අඩු කර ගත හැකිය.
මෙම අධ්‍යනයේ ප්‍රධානි පවසන්නේ ශරීරයේ බර වැඩිවීම පාලනය සාමාන්‍ය ජනතාවගේ අධි රුධිර පීඩනය වසංගතයක් ලෙස පැතිරිම වලක්වා ගත හැකි ක්‍රමය බවයි.
දිනකට ලබා ගන්නා ලුනු ප්‍රමාණය අධිරුධිර පීඩනය කෙරෙහි බල නොපාන බව ලිංග බේදයකින් තොරව කරණ ලද වෙනස්කම් මගින් පෙන්වා දි තිබේ.
කෙසේ නමුත් පර්යේෂකයන් කණ්ඩායම පෙන්වාදෙන්නේ පාසැල් ළමුන් 10 දෙනෙකුගෙන් නම දෙනකු ම දිනකට ශරීරයට අවශ්‍ය කරණ ලුණු ප්‍රමාණයට වඩා වැඩිපුර ආහාරයට එක්කර ගන්නා බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම දෙයක් ඕනෑවට වැඩ ඕනෑම නැහැ කියන මතයේ ඉඳගෙන වැඩ කටයුතු කීරීම හොඳයි. කෑමට බීමට වුණත් වලංගුයි. (නි)
මට නම් මෙම සංකීර්ණ පරීක්ෂණ ගැන අවබෝධයක් නැහැනේ. නමුත් මට මගේ අධික රුදිර පීඩනය පාලනය කරගන්න පුළුවන් උනේ ලුණු කෑම අත හැරියාට පස්සේ. සුදු ලුණු ගම්මිරිස් ටිකක් වැඩිපුර දැම්මම ලුනුවල අඩුවක් දැනෙන්නේ නැහැ (නදී)
මුන්ට පිස්සුද අපිට පිස්සුද හොයාගන්න බැරුව ඉන්නේ. (නදී)
කොහොම නමුත් ලුණු කෑම නම් ප්‍රශ්ණයක් තමයි (නදී)
ඕවා මම දන්නේ නැහැ. ලුණු වැඩියෙන් ගත්තොත් මගේ රුධිර පීඩනය වැඩි වෙනවා. ලුණු කෑම අඩු කල ගමන් අඩු වෙනවා. ඒ නිසා මම ලුණු ආහාරයට එකතු කරන්නේ අඩුවෙන්. (නදී)
ලුණු කෑමේදී ප්‍රමාණයට කන්න ඕන. ලංකාවේ අය කෑම පිගානේ අඩුපාඩු වහගන්නේ කරෝල කැල්ලක් වගේ එක්කරගෙන. ලුණු කැටයක් එක්ක කනවා වගේ. (අ)
දොස්තරලා කියන දේ ඒ විදියටම ඇහුවොත් මොනවාවත් කන්න වෙන්නේ නැහැ. හොඳම දේ තමයි නවීන විද්‍යාව නොදත් අපේ අම්මා අපට කන්න දුන්නු විදිහ අධ්‍යයනය කරන එක. (නදී)
ආහාරයට ලුණු දමන්නේ පදමටය.අවශ්‍ය ප්‍රමාණය ඇඟට උරාගෙන අනවශ්‍ය ලවණ පිටකරයි.වෙරළ අයිනේ වුවත්,පොල්ගසක කුරුම්බා වතුර, රා, ලුණු රස නොවන්නේ ඒ නිසයි. හාල් මැස්සා සිට තල්මසා දක්වා ජීවිත කාලයම කරදියේය.ඒ අයටත් ඔය ලෙඩේද? මුහුදු බෙල්ලා කරදියේය. ගොළු බෙල්ලාට ලුණු කැටයක් දැම්මොත් ඌ දියවී යයි ! ඇයි මේ ලුණු වලත් ඇති වෙනස ! (ස)
ධම්ම ඔබ හරියටම හරි. (නදී)
කාලෙකට කියනවා ලුණු අගුණයි කියලා. කාලෙකට කියනවා එහෙම නැහැ කියලා. ඕක තමයි කියන්නෙ විද්‍යාව බොරුවක් කියලා (නි)
ලුණු ඇතිවෙන්නෙත් වතුරෙන් නැතිවෙන්නෙත් වතුරෙන්. (නි)