IMG-LOGO

ලුණු කෑම අගුණ නැතිලු

අධි රුධිර පීඩනය ඇති අයට අධික ලෙස ලුණු ආහාරයට ගැනීම නුසුදුසුයැයි මෙතෙක් පැවති මතය නිවැරදි නොවන බව පර්යේෂකයෝ කණ්ඩායමක් කියති. ඔවුන් පෙන්වාදෙන්නේ සෝඩියම් රුධිර පීඩනයට හේතුවක් නොවන බවයි.

ලෝකයේ වඩාත් බහුල නිදන්ගත රෝගයක් වන්නේ අධි රුධිර පීඩනයයි. එය නිශ්ශබ්ද මාරයා ලෙස අන්වර්ථ ලබා ඇති රෝගයයි. බ්‍රිතාන්‍යයේ සියයට 30ක් පමණ අධි රුධිර පීඩනයෙන් පෙළෙති. ඇමෙරිකාවේ වැඩිහිටියන් කෝටි 6.7ක් හෙවත් ජනගහණයෙන් සියයට 31ක් ද මේ රෝගයට ගොදුරු වී සිටිති.

පර්යේෂකයන් විසින් ප්‍රංශයේ වැඩිහිටියන් 8670ක පිරිසක් සහභාගී කරගෙන සිදුකළ දත්ත විශ්ලේෂණයෙන් පසු පවසන්නේ ලුණු මගින් අධි රුධිර පීඩනය වැළඳෙන බව පිළිගත නොහැකියැයි යන්නයි.

එය තහවුරු කැර ගැනීමෙන් පසු විද්‍යාඥයන්ගේ ඉලක්කය වී ඇත්තේ ජීවන ක්‍රමය සහ පෝෂදායක ක්‍රියාවන් මගින් රුධිර පීඩනයට වන බලපෑම ගැන සොයා බැලීමයි. මේ පරීක්ෂණ වාර්තාව එළි දැක්වීමත් සමඟ මෙතෙක් ලුණු ආහාරයට ගැනීමෙන් වැළකී සිටි අධි රුධිර පීඩනයෙන් පෙළුණු රෝගීන් වැඩි වශයෙන් ලුණු ආහාරයට එක්කැර ගැනීමට පෙළඹී සිටියි.

පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ වෙනත් ශරීර දර්ශක එනම් ජීවන ක්‍රමය, මධ්‍යසාර පරිභෝජනය, වයස සහ ප්‍රධාන ලෙස ශරීරයේ ස්කන්ධ දර්ශකය රුධිර පීඩනය වැඩිවීම කෙරෙහි බලපෑම් ඇති කරයි.

පලතුරු සහ එලවළු ආහාරයට වැඩිපුර එක්කර ගැනීම මගින් අධි රුධිර පීඩනය අඩු කර ගත හැකිය.

මෙම අධ්‍යනයේ ප්‍රධානි පවසන්නේ ශරීරයේ බර වැඩිවීම පාලනය   සාමාන්‍ය ජනතාවගේ අධි රුධිර පීඩනය වසංගතයක් ලෙස පැතිරිම වලක්වා ගත හැකි ක්‍රමය බවයි.

දිනකට ලබා ගන්නා ලුනු ප්‍රමාණය අධිරුධිර පීඩනය කෙරෙහි බල නොපාන බව ලිංග බේදයකින් තොරව කරණ ලද වෙනස්කම් මගින් පෙන්වා දි තිබේ.

කෙසේ නමුත් පර්යේෂකයන් කණ්ඩායම පෙන්වාදෙන්නේ පාසැල් ළමුන්  10 දෙනෙකුගෙන් නම දෙනකු ම දිනකට ශරීරයට අවශ්‍ය කරණ ලුණු ප්‍රමාණයට වඩා වැඩිපුර ආහාරයට එක්කර ගන්නා බවයි.



අදහස් (0)

ලුණු කෑම අගුණ නැතිලු

චන්ද්‍රා Sunday, 14 September 2014 11:32 PM

ඕනෑම දෙයක් ඕනෑවට වැඩ ඕනෑම නැහැ කියන මතයේ ඉඳගෙන වැඩ කටයුතු කීරීම හොඳයි. කෑමට බීමට වුණත් වලංගුයි. (නි)

:       0       0

සිරිසේන Sunday, 14 September 2014 05:28 AM

මට නම් මෙම සංකීර්ණ පරීක්ෂණ ගැන අවබෝධයක් නැහැනේ. නමුත් මට මගේ අධික රුදිර පීඩනය පාලනය කරගන්න පුළුවන් උනේ ලුණු කෑම අත හැරියාට පස්සේ. සුදු ලුණු ගම්මිරිස් ටිකක් වැඩිපුර දැම්මම ලුනුවල අඩුවක් දැනෙන්නේ නැහැ (නදී)

:       0       0

ජානක Monday, 15 September 2014 02:02 PM

මුන්ට පිස්සුද අපිට පිස්සුද හොයාගන්න බැරුව ඉන්නේ. (නදී)

:       0       0

කලීල් Sunday, 14 September 2014 08:31 AM

කොහොම නමුත් ලුණු කෑම නම් ප්‍රශ්ණයක් තමයි (නදී)

:       0       0

පිටිගල Sunday, 14 September 2014 08:51 AM

ඕවා මම දන්නේ නැහැ. ලුණු වැඩියෙන් ගත්තොත් මගේ රුධිර පීඩනය වැඩි වෙනවා. ලුණු කෑම අඩු කල ගමන් අඩු වෙනවා. ඒ නිසා මම ලුණු ආහාරයට එකතු කරන්නේ අඩුවෙන්. (නදී)

:       0       0

පද්මිණි Monday, 15 September 2014 05:51 AM

ලුණු කෑමේදී ප්‍රමාණයට කන්න ඕන. ලංකාවේ අය කෑම පිගානේ අඩුපාඩු වහගන්නේ කරෝල කැල්ලක් වගේ එක්කරගෙන. ලුණු කැටයක් එක්ක කනවා වගේ. (අ)

:       0       0

ධම්ම Sunday, 14 September 2014 10:43 AM

දොස්තරලා කියන දේ ඒ විදියටම ඇහුවොත් මොනවාවත් කන්න වෙන්නේ නැහැ. හොඳම දේ තමයි නවීන විද්‍යාව නොදත් අපේ අම්මා අපට කන්න දුන්නු විදිහ අධ්‍යයනය කරන එක. (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Sunday, 14 September 2014 11:03 AM

ආහාරයට ලුණු දමන්නේ පදමටය.අවශ්‍ය ප්‍රමාණය ඇඟට උරාගෙන අනවශ්‍ය ලවණ පිටකරයි.වෙරළ අයිනේ වුවත්,පොල්ගසක කුරුම්බා වතුර, රා, ලුණු රස නොවන්නේ ඒ නිසයි. හාල් මැස්සා සිට තල්මසා දක්වා ජීවිත කාලයම කරදියේය.ඒ අයටත් ඔය ලෙඩේද? මුහුදු බෙල්ලා කරදියේය. ගොළු බෙල්ලාට ලුණු කැටයක් දැම්මොත් ඌ දියවී යයි ! ඇයි මේ ලුණු වලත් ඇති වෙනස ! (ස)

:       0       0

ටෙනිසන් Sunday, 14 September 2014 11:31 AM

ධම්ම ඔබ හරියටම හරි. (නදී)

:       0       0

මාලි Sunday, 14 September 2014 12:54 PM

කාලෙකට කියනවා ලුණු අගුණයි කියලා. කාලෙකට කියනවා එහෙම නැහැ කියලා. ඕක තමයි කියන්නෙ විද්‍යාව බොරුවක් කියලා (නි)

:       0       0

ධම්මික Sunday, 14 September 2014 04:20 PM

ලුණු ඇතිවෙන්නෙත් වතුරෙන් නැතිවෙන්නෙත් වතුරෙන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 249 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 778 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site