මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු ඉතාලි රූ රැජිනක අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය සමත්ව ඇත.

සමන්තා ස්කාර්ලිනෝ නම් වන මේ කාන්තාව 1999 වසරේ ඉතාලි රූ රුජිණ තරගාවලියේ අවසන් වටය දක්වා පැමිණියෙකි.ඉතාලියේ රූපවාහිනී වැඩසටහන් හා චිත්‍රපට කිහිපයකද ඇය චරිත නිරූපණය කර ඇත්තීය.

ඉතාලියට කොකේන් කිලෝග්රෑම් 500 ක් ගෙන ආවේ යැයි චෝදනාවට සැකපිට ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

පරීක්ෂණ වලින් හෙළිව ඇති කරුණු වලට අනුව ඇය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නොනැවතී මෙක්සිකෝව,පේරු වැනි රටවල වෙසෙන මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඉතාලියේ සිට මුදල් ප්‍රවාහනයේද යෙදී ඇත.