IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රෝහල් ගත කරද්දී මැන්ඩෙලාට ඇබැද්දියක්

දකුණු අපි‍්‍රකා හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලා, ඉකුත් ජූනි 8 වැනිදා, රෝහල් ගත කළ අවස්ථාවේදී, ඔහු රෝහලට රැගෙන ගිය ගිලන් රථය හදිසිසේ මහ මඟ නැවැතී ඇති බවටත්, වෙනත් ගිලන් රථයක් පැමිණෙන තුරු වෛද්‍ය ආධාරකරුවන් මැන්ඩෙලා සීතලේ එළිමහනේ රඳවා ගෙන සිටි බවටත් තොරතුරු අනාවරණය වී ඇත.
ගිලන් රථය අතරමඟ නැවැතී ඇත්තේ කාර්මික දෝෂයක් හේතුවෙනි. වෙනත් ගිලන් රථයක් පැමිණ මැන්ඩෙලා රෝහලට ගෙන ගොස් ඇත්තේ පැය භාගයකට පමණ පසුවය.
සිද්ධිය සම්බන්ධයෙන් ජොහැන්ස්බර්ග් නුවර රෝහල් බලධාරීන්ට දොස් අහන්න සිදුවී ඇතැයි ද එරට පුවත් සේවා පෙරේදා (22) අනාවරණය කළේය.
දකුණු අපි‍්‍රකාවේ වර්ණභේදය තුරන් කළ මානව දයාවෙන් පිරි අසහාය නායකයකු ලෙස ලොව කාගේත් ආදරයටත් ගෞරවයටත් පාත‍්‍ර වූ මැන්ඩෙලා තවමත් සිටින්නේ රෝහල් ගත කරය. ඔහුගේ තත්ත්වය බරපතළ නමුත්, ඔහු ස්ථාවර තත්ත්වයක පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.



අදහස් (0)

රෝහල් ගත කරද්දී මැන්ඩෙලාට ඇබැද්දියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site