රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 60දෙනකු ඇමරිකාවෙන් පිටුවහල් කිරීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර ඇතැයි වාර්තා වේ.
හිටපු රුසියානු රහස් ඔත්තුකරුවකුට සහ ඔහුගේ දියණියට බ්‍රිතාන්‍යයේදී වස දීම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුව හමුවේ ට්‍රම්ප් මෙම පියවර ගෙන ඇත.
මෙය ජනපතිවරයා ලෙස ට්‍රම්ප් තේරීපත්වීමෙන් පසු රුසියාවට එරෙහිව ගනුලැබූ ප්‍රබල පියවරක් ලෙස විචාරකයෝ හඳුන්වති. මේ තීරණය සම්බන්ධව සතුට පලකරන බ්‍රිතාන්‍ය අගමැතිනිය පවසා ඇත්තේ රටවල් 18ක් රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් පලවාහැරීමට එකඟ වී ඇති බවයි.
බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපයේ තවත් රටවල් කිහිපයක් ද මීට පෙර රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයන් පළවාහැරියේය.
මාධ්‍ය වාර්තා කර ඇත්තේ යුරෝපීය රටවල මෙම තීරණය සම්බන්දව රුසියාව සිය දැඩි අකමැත්ත ප්‍රකාශ කර ඇති බවයි. රහස් ඔත්තුකරුවන්ට වස දීමේ සිද්ධියට තම රටේ කිසිම සම්බන්ධයක් නැතැයිද රුසියාව පවසයි.
(රොයිටර් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd