අතුරුදන්ව මේ වන විට දින 68 ක් ගතව ඇති මලයාසියා ගුවන් සේවයට අයත් එම්.එච්.370 අංක දරන ගුවන් යානය සොයා මුහුද පතුල හා මුහුද මතුපිට පිරික්සීම සදහා භාවිතා කළ බ්ලුෂින් 21 කිමිදුම් රොබෝවාගෙන් මේ දක්වා ලැබී ඇති දත්තයන් දෝෂ සහගත බව හෙළිවී තිබේ.
ඉන්දියන් සාගරය පිරික්සීමෙන් පසුව නැවත යානය සොයා මෙහෙයුම් ආරම්භ කළ යුත්තේ කෙසේදැයි සාකච්ඡා කිරීමටත් මේ දක්වා එකතු කර ගත් දත්ත විශ්ලේෂණය කර බැලීමටත් මෙහෙයුම් සදහා එක්ව සිටින මලයාසියා, චීනය හා ඕස්ට්‍රේලියාව සැළසුම් කරමින් සිටියදී මේ බව අනාවරණයව ඇත.
යානය සොයා මුහුදු පතුල හා මුහුදු මතුපිට පීරමින් සිදු කළ විමර්ශන සදහා යොදාගැනුණේ මේ බ්ලුෂින් 21 කිමිදුම් රොබෝවායි.රොබෝවා සම්ප්‍රේෂණය කරන තොරතුරු zzඕෂන් ෂීල්ඩ්zz නම් නෞකාවකින් ග්‍රහණය කර ගත්තේය.
හෙළිව ඇති කරුණු වලට අනුව රොබෝවාගේ මෙන්ම නෞකාවේද සවිකර තිබූ සම්ප්‍රේෂක උපකරණයන්ගේ ගැටලූ රැසක් තිබී ඇත.මෙනිසා මේ දක්වා බ්ලුෂින් 21 රොබෝවා භාවිතයෙන් ලබාගත් දත්ත සියල්ලම පාහේ වැඩකට නොමැති බව ඕස්ට්‍රේලියා රජයද පිළිගෙන තිබේ.
ඕස්ට්‍රේලියා රජය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ බ්ලුෂින් 21 කිමිදුම් රොබෝවාගේ මෙන්ම ඕෂන් ෂීල්ඩ් නෞකාවේ සවිකර තිබුණු එකිනෙකා හා දත්ත හුවමාරු කරගැනීම සදහා වූ උපකරණ වල දෝෂ රැසක් හදුනාගැනීමට හැකිව තිඛෙන බවයි.මෙම දෝෂ හමුවේ රොබෝවා හා නෞකාව අතර නිසි පරිදි සන්නිවේදනයක් සිදුවී නොමැති බවට නිගමනය කළ හැකි යැයි එහි වැඩිදුරටත් දැක්වේ.
ඉක්මනින්ම අදාළ උපකරණ පිළිසකර කොට යළිත් බ්ලුෂින් මෙහෙයුම් සදහා යෙදවීමට ඕස්ට්‍රේලියා රජය කටයුතු කරමින් සිටී.
අතුරුදන්ව ඇති යානය සදහා වන මෙහෙයුම් වෙනුවෙන් ඩොලර් ලක්ෂ 899 ක (රුපියල් ලක්ෂ 118668)) වෙන් කිරීමට ඕස්ට්‍රේලියා රජය කටයුතු කර තිඛෙන අතර එයින් ඩොලර් ලක්ෂ 100 ක් (රුපියල් ලක්ෂ 13200 )එළැඹෙන ජූනි මාසය වන විට වැය වනු ඇති බවට ඕස්ට්‍රේලියා රජය මත පළ කරයි.
යානය සොයා අරඹා ඇති හා අවසන් කර ඇති මෙහෙයුම් සදහා මේ වන විට අතිවිශාල මුදලක් වැයව ඇතැයි සදහන් වෙද්දී මේ සිදුවීම ඒ සියල්ලම ගගට කැපූ ඉණි මෙන් නිශ්ඵල ව්‍යායාමයක් බවට පත්කර ඇති ලකුණු පෙනේ.
බලධාරීන්ගේ එක් එක් නිවේදනයන් නිසාවෙන් නොනවත්වාම පීඩනයට පත්වෙමින් සිටින්නේ අතුරුදන්වූ යානයේ සිටි 239 දෙනාගේ පවුලේ සාමාජිකයින් හා ඔවුන්ගේ නෑ හිතමිතුරන්ය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිතේන් ගෑස් එකට අහුවෙලා ගුවන් යානය පිපිරෙන්න ඇති. බර්මුලා ත්‍රිකෝනයේත් වෙන්නේ ඕකයි. පව් ඒ මිනිස්සුන්ට උනදේ එයාලවත් දන්නැතිව ඇති.(නදී)
අනේ මගේ යාළුවෝ කොහි ගියාදෝ? (ස)
මෙම,අතුරුදහන් වූ යානාව පිළිබඳව නොයෙක් කට කතා තිබේ. ඇමරිකානුවන් මෙය බලෙන් කොහේ හෝ බස්සවා යමක් කළ බවත් සඳහන්ව තිබුණා . සි අයි ඒ සමග බෝයින්ග් සමාගම මෙයට සම්බන්ද බවත්. (ස)
මේක ලෝකයේ ලොකුම තාක්ෂණය තිබෙන රටවල් හවුල් වෙලා කළ දෙයක් (නි)
මටත් දුක එහි සිටි මිනිස්සු ගැන (නි)
මේක හොයන එක බොරු වැඩක්. මෙච්චර දියුණු ලෝකේ ඔයතරම් ලොකු යානයක් කාටත් හොරෙන් අරන් යන්න බැහැ. පව් අසරණ මඟියෝ ටික (නි)