ස්පාඤ්ඤයේ ෆෙලිපේ රජුගේ සොයුරිය වන ක්‍රිස්ටිනා කුමරිය ඇගේ සැමියා ඇතුළු 18 දෙනකු මූල්‍ය වංචා චෝදනාවකට ඊයේ අධිකරණ්‍ය හමුවේ පෙනී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට රජ පවුලේ සාමාජිකයකු අධිකරණයට කැඳවූ පළමු අවස්ථාව මෙය බැවින් ස්පාඤ්ඤ දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ එය සිය රටේ රජ පරපුරට කළු පැල්ලමක් එකතු වූ දිනයක් බවයි. ලාබ නොලබන නූස් ක්‍රීඩා පදනම යොදා ගනිමින් මේ පිරිස රාජ්‍ය ආයතනවලින් හා මහජනයාගෙන් වංචනික ලෙස මුදල් එකතුකැර ඇතැයි චෝදනා එල්ල වී ඇත. කෙසේ වෙතත් ඔවුහු තමන්ට එල්ලවී ඇති මේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරති.
නඩු විභාගයේ දී ක්‍රිස්ටිනා කුමරිය වැරදිකරු වුවහොත් ඇයට වසර අටක සිර දඬුවමක් නියමවනු ඇත. ඇය මේ වනවිට 50 හැවිරිදි වියේ පසු වන්නීය. නඩු විභාගය ත්‍ර පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දී පැවැත්වේ. එරට මාධ්‍ය වාර්තා කරන්නේ මේ මුල්‍ය වංචා සිදුව ඇත්තේ 2007 හා 2008 වර්ෂවලදී බවයි.
2010 වර්ෂයේ දී මේ චෝදනා එල්ලවීම හේතුනේ ස්පාඤ්ඤයේ ෆෙලිප් රජු සිය සොයුරිය පැල්මාහි ආදිපාද ධූරයෙන් ද ඉවත් කරනු ලැබුවේය. එසේ වුව ද ඇය තවදුරටත් ස්පාඤ්ඤ රජ පවුලේ සාමාජිකාවක ලෙස පිළිගැනෙයි.
2025 දෙසැම්බර් මස 30
81
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රජ කුමරිය අධිකරණයට
අමල් Tuesday, 12 January 2016 01:34 PM
රජ කුමරියක් උනත් වැරදි කර ඇත්නම් දඬුවම් ලැබෙයි. (ර)
පිටිගල මිලානෝ Tuesday, 12 January 2016 08:29 AM
අපේ රටේ නිදැල්ලේ සැරිසරණ හොරුයි මිනී මරුවෝයි ඉක්මනින්ම සිරගත කල යුතුයි ස්පාඥ්ඥයේ වගේ.(කෞ)
මොහාන් Tuesday, 12 January 2016 04:23 PM
දැන් ඉතින් කරන්න දෙයක් නෑ.(හේ)
තරංග Tuesday, 12 January 2016 02:39 AM
එහෙම තමයි ඒ රටවල්... (නි)
කමල් පානදුර Tuesday, 12 January 2016 03:09 AM
අන්න එකට අපේ රටේ ,,,,,අත්අඩංගුවට ගන්නෙත් නිදහස් කරන ලියකිවිලිත් එක්කයි ...(ම)