IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යුරෝපා සංගමයෙන් ඉවත් වෙන්න බි‍්‍රතාන්‍යයේ සූදානමක්

අගමැති කැමරන්

2015 වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් තමන්ට යළි ජනවරමක් හිමිවුවහොත්, යුරෝපා සංගමය තුළ තව දුරටත් රැඳී සිටිනවාද නැද්ද සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන බව බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් පවසයි.
යුරෝපා සංගමයේ ප‍්‍රබල සාමාජිකයකු වන බි‍්‍රතාන්‍යය ඉන් ඉවත් වීමට සැරසෙන්නේ 2008 වසරේ හටගත් මූල්‍ය අර්බුද දිනෙන් දින උත්සන්න වීම හේතුවෙනි.
යුරෝපා සංගමයේ සාමාජිකයකු මෙන්ම යූරෝ මුදල් කලාපයේ රටක් වුවද බි‍්‍රතාන්‍යය යුරෝ මුදල් ඒකකය භාවිතයට නොගනී. ඒ, යුරෝපා සංගමයේ සෙසු සාමාජික රටවල සාමාජිකයන්ගෙන් ලැබුණු විශේෂ වරප‍්‍රසාද යටතේය.
තව දුරටත් යුරෝපා සංගමය සමඟ හවුල් වී සිටීමෙන් බි‍්‍රතාන්‍යය මුහුණ පා සිටින මූල්‍ය අර්බුදය ද උග‍්‍ර වීමේ අවදානමක් පවතින හෙයින් යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු යැයි බි‍්‍රතාන්‍ය අගමැතිවරයාගේ තීරණය වී තිබේ.



අදහස් (0)

යුරෝපා සංගමයෙන් ඉවත් වෙන්න බි‍්‍රතාන්‍යයේ සූදානමක්

සුබාරු Sunday, 27 January 2013 04:06 PM

අසාධාරණය එපා (දී)

:       0       0

මාලා Sunday, 27 January 2013 11:10 AM

දෙපාරක් හිතන්න එපා (දී)

:       0       0

බණ්ඩා Sunday, 27 January 2013 07:26 PM

ඉක්මණින් ඉවත් වුණොත් හොදයි තමයි. (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 27 January 2013 02:15 PM

ඒක හොද අදහසක් (දී)

:       0       0

ගාමිණී Saturday, 26 January 2013 11:23 PM

අධිරාජ්‍යාවාදී යුගයේ රටවල් මංකොල්ල කෑවාට රජවරුන් වෛරයෙන් මැරුවාට පටිසන් දෙනවාමයි..වසරක් පාසා නිදහස සමරමින් කරන දේවල්වල ආනිසංස ලැබෙනවා පහුවෙලා හරි..!(නු)

:       0       0

සම්පත් Saturday, 26 January 2013 11:56 AM

දැං තමයි මොලේ පෑදෙන්නෙ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site