ලන්ඩන්හිදීය (රොයිටර්)
යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසුමේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ගේ කන්සර්වේටිව් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් අද (05) පැවැසීය.
පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 80කින් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළ ගිවිසුම ප්‍රතික්ෂේප වනු ඇතැයි ද හෙතෙම කීය.
බ්‍රිතාන්‍යයේ ‘ද ඩේලි ටෙලිග්‍රාෆ්’ පුවත්පතට අදහස් දක්වමින් ඔහු එම කරුණු සඳහන් කළේය.
මෙලෙස අදහස් පළ කර ඇත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රධාන සංවිධායක වශයෙන් කටයුතු කළ මාර්ක් හාපර්ය.
“බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම යනු අපේ රටට පියාපත් විසුරුවා හරිමින් කටයුතු කරන්න තිබෙන අවස්ථාවක්. එය අපේ තටු කපා දමන්නක් නොවිය යුතු” යැයි හෙතෙම කීය.
“කැබිනට් මණ්ඩලයේ යෝජනා පිළිගන්න බැහැ. එම යෝජනා අපේ රටේ අවංක බවට සහ සම්පූර්ණත්වයට තර්ජනයක්. දැනට ඉදිරිපත් කර තිබෙන යෝජනාවෙන් අපි තවදුරටත් සිරවෙනවා. එය අපේ අනාගත සබඳතා දුර්වල කරනවා” යැයි ද ඔහු කීවේය.
055
COMMENTS