දේශපාලන ආරක්ෂක සේවාව පුළුල් කරමින් සේවක ගිණුම් ආරක්ෂා කිරීම පිළිබඳ අවදානය යොමු කර ඇති බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි.
 
ඒ අනුව ජර්මනිය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය ඇතුළු යුරෝපයේ නව වෙළඳපලවල් 12 ක් සඳහා සිය සයිබර් ආරක්ෂණ සේවාව පිරිනමනු ඇත.
 
දේශපාලන අවකාශයට අනවසරයෙන් ඇතුළු වන්නන්ගෙන් ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් සමාගම මෙම තීරණය ගෙන ඇත.
 
2018 සැප්තැම්බර් හා දෙසැම්බර් මාසයේ සිදුවූ සයිබර් ප්‍රහාරයක් පිළිබඳ  සමාගම මෑතකදී හදුනාගෙන ඇති අතර  බෙල්ජියමේ සේවක ගිණුම් 104 ක් ඉලක්ක ගනිමින් එම ප්‍රහාරය එල්ල කර ඇති බව අනාවරණය වී ඇත. 
 
අස්වීඩනය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ෆින්ලන්තය, එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, පෘතුගාලය සහ ස්ලෝවැකියාව වැනි රටවල්ද මෙම සයිබර් ආරක්ෂක සේවාව ලබා ගනු ඇත. 
 
 මයික්‍රොසොෆ්ට් සමාගම මැයි මාසයේදී තීරණාත්මක යුරෝපා පාර්ලිමේන්තුවේ මැතිවරණයකට පෙර වැදගත් දත්ත ආරක්ෂා කිරීමට උත්සාහ කරන බව වාර්තා වේ.
 
මෙම තීරණය යුරෝපයේ විශාලතම ආර්ථිකයේ ද අවදානමක් ඇති විය හැකි බවට විවේචන එල්ල වී ඇත.
 
 
63226
 
(රොයිටර් ඇසුරෙනි)