ඉදිරි සති 6 හෝ 8 ඇතුළත යුරෝපයේ අඩකට ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය ආසාදනය වේවි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් කළේය.
ලෝක සේඛ්‍ය සංවිධානය වෙනුවෙන් මෙසේ අනතුරු ඇඟවූයේ වෛද්‍ය හෑන්ස් ක්ලූග්ය. ඒ, ජිනීවා නුවර පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරය.
‘ඔමික්‍රෝන් සුනාමියක් හටගන්නවා. එය ආරම්භ වන්නේ බටහිරින් (බටහිර රටවලින්) ඉන්පසු ඒ සුනාමිය නැගෙනහිරට (නැගෙනහිර රටවල්) පැතිරෙන්න ගනීවි. බිහිසුණු වෙවි’ යැයි වෛද්‍ය ක්ලූග් මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කළේය.
ඉදිරි දින 6 හෝ 8 ඇතුළත යුරෝපයේ අඩකට ‘ඔමික්‍රෝන්’ ආසාදනය වේවි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, ‘ඔමික්‍රෝන්’ වයිරසය ව්‍යාප්ත වන ආකාරය සහ දැනට හමුවන ‘ඔමික්‍රෝන්’ ආසාදිත ‘කොවිඩ් 19’ රෝගීන් අනුවය.
මෙම 2022 වසරේ පළමු සතියේ යුරෝපයේ නන්දෙසින් හමුවුණු ‘කොවිඩ් 19’ නව ආසාදිතයන් ගණන මිලියන 7 කි. ඔවුන්ගෙන් වැඩි දෙනා ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන්ය. ඉදිරි සතිවලදී ආසාදිතයන් හමුවීම දෙගුණ තෙගුණ වේවි යැයි විශ්වාස කෙරේ.
(රොයිටර්)
COMMENTS
වසංගතය පැතිරෙන්න සහ පැමිණෙන්න කලින්ම WHO එක සහ බිල් ගේට්ස් දන්නවා මොකද වෙන්නේ කියලා. ඒත් මිනිස්සුන්ට සහ නායකයින්ට තාම තේරුම්ගන්න බැහැ කොහොමද එහෙම නිවැරදිව අනාවැකි කියන්නේ කියලා.. එයාලා කරපු දේ ගැන හරියටම එයාලා කියනවා..