මහා පරිමාණයේ යුද්ධයට සූදානම් වන්නැයි උතුරු කොරියාවේ තරුණ නායක කිම් ජොං උන් දකුණු කොරියාවටත් ඇමෙරිකාවටත් අනතුරු අඟවයි.
උතුරු කොරියානු නායකයා එම නව අනතුරු ඇඟවීම කළේ, ඔවුන් මීට පෙර කළ අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ දකුණු කොරියාව සැපැයූ පිළිතුරුවලට ප‍්‍රතිචාර දක්වමිනි.
ඇමෙරිකාව කියා සිටියේ උතුරු කොරියාවේ තර්ජන සුළුකොට තැකිය නොහැකි නමුත් තමන් සමඟ ‘හැප්පීමට’ ඔවුන්ට ශක්තියක් නැති බවත්ය. දකුණු කොරියාව කීවේ උතුරු කොරියාවෙන් එල්ල වන ඕනෑම අභියෝගයක් ජය ගැනීමට හැකි බවය.
එකසත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළ කරමින්, එරටට එරෙහිව නව වෙළෙඳ, ආර්ථික සහ රාජ්‍ය තාන්ති‍්‍රක සම්බාධක රැසක් ද පැනැවීමට මේ වනවිට කටයුතු යොදා ඇත.
උතුරු කොරියාව චෝදනා කරන්නේ තම රටට එරෙහිව සම්බාධක පැනැවීමට ඇමෙරිකාවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයත් පෙළඹවූයේ දකුණු කොරියාව කියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන තරම් යුධ ශක්තියක් උතුරු කොරියාවට නැහැ. සදාම් හුසේනුත් ඔය වගේ කයිය ගැහුවා. අන්තිමේදී බල්ලෙක් වගේ මැරිලා ගියා. ලෝකේ වෙන රටවල් ඒ ගැන කතා කලේ නැහැ. උතුරු කොරියාවටත් ඔය ටිකම තමයි.(නදී)
කසුන්, අපිත් ගහමුද? (නි)
ලෝකේ හැම රටකම තමන්ගේ වහල්ලු කරගන්න හදන ඇමරිකාවට හොද පාඩමක් උගන්වන්න උතුරු කොරියාවට පුළුවන්. අපිත් උදව් කරන්න ඕනේ උතුරු කොරියාවට. ගහන්න ගත්තොත් තවත් රටවල් උතුරු කොරියාවට සහය වෙනවා. (ස)
එක මිසයිලයක් හරි ඇමරිකාවට යවනවා නම් ඊටකලින් සැගවෙන්න තැන් හොයාගෙන ඒක කරන්න වෙයි. (නි)
ලෝකයටත් නායකයෙක් ඉන්න ඕනෑ. ඇමරිකාව කියන්නේ හොද රටක්. (නි)
උතුරු කොරියාවේ තියෙන ශක්තිය ගැන බොහෝ දෙනෙක් දන්නෙ නැහැ වගෙයි. (නි)
යුද්දෙන් අහිමි වීම් විතරක් අමිහිරි මතකයන් සමග ඉතිරිවෙයි. ඔය කොළු කමට කියන කතා.(නදී)
මේ රටරටවල් යුද්ධ කර ගන්නා එක කවදා නතර වෙයිද (දී)
යුද්ධය වලක්වා සාමය ඇතිකිරීමයි වැදගත්. කොරියාව දෙකට බෙදුවා ඇමරිකාවත් හවුල් වෙලා.(නදී)
බරපතල ප්‍රකාශයක් (දී)
ඉන්ද්‍රජිත් , ඔයගේ කතාව ඇත්ත.(නදී)
ඇමරිකන් විරෝධයෝ දැන් හුරේ දාන්න, දකුණු කොරියවේ රස්සා නැතිවෙලා පාරට වැටෙන්නේ අපේ අය (අ)
ඇමරිකන් විරෝධයෝ මොනවා කීවත් යුද්ධයක් අවොත් අපට ඒක නැති වෙනවා (අ)
යුද්දේ නම් එපා (දී)
ඇමරිකාව මොවුන්ගෙන් කොහොම වුනත් කාගෙන් හරි ළඟදීම කනවා හොඳටම.. වැඩි ඈතක නෙවෙයි (ස)