IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


යුද්ධයකට සූදානම් වෙන්න: උතුරු කොරියාව අනතුරු අඟවයි

මහා පරිමාණයේ යුද්ධයට සූදානම් වන්නැයි උතුරු කොරියාවේ තරුණ නායක කිම් ජොං උන් දකුණු කොරියාවටත් ඇමෙරිකාවටත් අනතුරු අඟවයි.
උතුරු කොරියානු නායකයා එම නව අනතුරු ඇඟවීම කළේ, ඔවුන් මීට පෙර කළ අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ දකුණු කොරියාව සැපැයූ පිළිතුරුවලට ප‍්‍රතිචාර දක්වමිනි.
ඇමෙරිකාව කියා සිටියේ උතුරු කොරියාවේ තර්ජන සුළුකොට තැකිය නොහැකි නමුත් තමන් සමඟ ‘හැප්පීමට’ ඔවුන්ට ශක්තියක් නැති බවත්ය. දකුණු කොරියාව කීවේ උතුරු කොරියාවෙන් එල්ල වන  ඕනෑම අභියෝගයක් ජය ගැනීමට හැකි බවය.
එකසත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළ කරමින්, එරටට එරෙහිව නව වෙළෙඳ, ආර්ථික සහ රාජ්‍ය තාන්ති‍්‍රක සම්බාධක රැසක් ද පැනැවීමට මේ වනවිට කටයුතු යොදා ඇත.
උතුරු කොරියාව චෝදනා කරන්නේ තම රටට එරෙහිව සම්බාධක පැනැවීමට ඇමෙරිකාවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයත් පෙළඹවූයේ දකුණු කොරියාව කියාය.



අදහස් (0)

යුද්ධයකට සූදානම් වෙන්න: උතුරු කොරියාව අනතුරු අඟවයි

සමිපත් සුජීව Saturday, 30 March 2013 03:07 PM

ඔය කියන තරම් යුධ ශක්තියක් උතුරු කොරියාවට නැහැ. සදාම් හුසේනුත් ඔය වගේ කයිය ගැහුවා. අන්තිමේදී බල්ලෙක් වගේ මැරිලා ගියා. ලෝකේ වෙන රටවල් ඒ ගැන කතා කලේ නැහැ. උතුරු කොරියාවටත් ඔය ටිකම තමයි.(නදී)

:       0       0

බණ්ඩා Sunday, 31 March 2013 03:53 AM

කසුන්, අපිත් ගහමුද? (නි)

:       0       0

කසුන් Saturday, 30 March 2013 04:59 PM

ලෝකේ හැම රටකම තමන්ගේ වහල්ලු කරගන්න හදන ඇමරිකාවට හොද පාඩමක් උගන්වන්න උතුරු කොරියාවට පුළුවන්. අපිත් උදව් කරන්න ඕනේ උතුරු කොරියාවට. ගහන්න ගත්තොත් තවත් රටවල් උතුරු කොරියාවට සහය වෙනවා. (ස)

:       0       0

ඩොන් Sunday, 31 March 2013 07:21 AM

එක මිසයිලයක් හරි ඇමරිකාවට යවනවා නම් ඊටකලින් සැගවෙන්න තැන් හොයාගෙන ඒක කරන්න වෙයි. (නි)

:       0       0

විමල් Sunday, 31 March 2013 08:07 AM

ලෝකයටත් නායකයෙක් ඉන්න ඕනෑ. ඇමරිකාව කියන්නේ හොද රටක්. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 31 March 2013 09:07 AM

උතුරු කොරියාවේ තියෙන ශක්තිය ගැන බොහෝ දෙනෙක් දන්නෙ නැහැ වගෙයි. (නි)

:       0       0

අමිල Saturday, 30 March 2013 06:50 PM

යුද්දෙන් අහිමි වීම් විතරක් අමිහිරි මතකයන් සමග ඉතිරිවෙයි. ඔය කොළු කමට කියන කතා.(නදී)

:       0       0

ජයනාත් Saturday, 30 March 2013 07:52 PM

මේ රටරටවල් යුද්ධ කර ගන්නා එක කවදා නතර වෙයිද (දී)

:       0       0

ගුණරත්න Sunday, 31 March 2013 10:31 AM

යුද්ධය වලක්වා සාමය ඇතිකිරීමයි වැදගත්. කොරියාව දෙකට බෙදුවා ඇමරිකාවත් හවුල් වෙලා.(නදී)

:       0       0

ගාමිණි Saturday, 30 March 2013 08:58 PM

බරපතල ප්‍රකාශයක් (දී)

:       0       0

සංජේ Sunday, 31 March 2013 12:04 PM

ඉන්ද්‍රජිත් , ඔයගේ කතාව ඇත්ත.(නදී)

:       0       0

ලසන්ත Saturday, 30 March 2013 11:39 AM

ඇමරිකන් විරෝධයෝ දැන් හුරේ දාන්න, දකුණු කොරියවේ රස්සා නැතිවෙලා පාරට වැටෙන්නේ අපේ අය (අ)

:       0       0

සූකි Saturday, 30 March 2013 11:33 AM

ඇමරිකන් විරෝධයෝ මොනවා කීවත් යුද්ධයක් අවොත් අපට ඒක නැති වෙනවා (අ)

:       0       0

යසිත Saturday, 30 March 2013 09:26 PM

යුද්දේ නම් එපා (දී)

:       0       0

ආසිරි Saturday, 30 March 2013 12:39 PM

ඇමරිකාව මොවුන්ගෙන් කොහොම වුනත් කාගෙන් හරි ළඟදීම කනවා හොඳටම.. වැඩි ඈතක නෙවෙයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 242 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 393 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site