ඔහු අවුරුදු දෙකක් වයසැති නයිජීරියා දරුවෙකි.  යකින්නක  යයි කියා දෙමාපියන්  දරුවා මහා මග දමා ගොස් තිබිණි.

රින්ජ්රන් ලෝවන් නම් සමාජ සේවිකාව මහ මග සිටින එම දරුවා දුටුවාය.

ඒ වන විට අට මාසයක් පමණ විදියේ සිටි දරුවාගේ ඇගේ පණුවන් පවා සිටියේය. ලෝවන් මහත්මිය ඔහු වඩාගත්තාය. කෑම කවා ඔහුට තම වතුර බෝතලයෙන්ම වතුර පෙව්වාය. ඇගේ සළුවක් පොරවා දරුවා රෝහලට රැගෙන ගියාය.

ඉන් පසු කුඩා දරුවාගේ  සිරුරේ සිටි පනුවන් ඉවත් කැරිණි. රතු රුධිරානු යතා තත්වයට පත් කිරීමට දින පතා රුධිරය දීමට සිදු විය.

දැන් ඔහු ‘හෝප්ස්‘ නමින් හැඳින් වෙයි.

අප්‍රිකාවේ කුඩා දරුවනට ආධාර ලබා දෙන අධ්‍යාපන හා සංවර්ධන පදනමේ නිර්මාතෘ ලෝවන් මහත්මිය දැන් ‘හෝප්ස්‘ දරුවාගේ මව වන්නීය.

‘ළමයින් දහස් සංඛ්‍යාවක් මායාවකට චෝදනා කර මිය යෑමට හරිනවා. දරුවන්ට දෙන වදහිංසා අපි දකිනවා. ඊට අපි බිය වූ දරුවන් සහ මිය ගිය දරුවන් යන  ඕනෑ තරම් දැක තිබෙනවා.’ යැයි ලෝවන් කීවාය.

එවැනි දරුවනට උපකාර කිරීමට ඇය සහ ඇගේ සැමියා   ළමා නිවාසයක් ද අරඹා තිබේ.

12516290_959860300774116_38579844_n  12714129_959860320774114_1030836499_n 12736083_959860317440781_2134864379_n

12746079_959860314107448_2115688265_n 12736460_959860307440782_1523195588_n

12696233_959860310774115_103054661_n