IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මේ වසරේ ලොව බලවත්ම විදෙස්ගමන් බලපත්‍රයේ පළමු ස්ථානය ජපානයට

 

(තිළිණි ද සිල්වා)

2021 වසරේ ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය  ලෙස ජපානයේ විදේශ ගමන් බලපත්‍රය පළමු ස්ථානය තේරී පත්ව ඇත.

ලොව පුරා ගමනාන්ත 191 ක් සදහා වීසා නොමැතිව හෝ  ගුවන්තොටුපොලේදීම වීසා ලබා ගැනීමේ පහසුකම් පැවතීම හේතුවෙන් ජපන් ගුවන් බලපත්‍රය ලොව පුරා බලවත් බටහිර රටවල් අභිබවමින් මෙම ස්ථානයට පත් වී තිබේ.

ලොව පුරා රටවල් වල  විදේශ ගමන් බලපත්‍රවල  බලවත්කම මනිනු ලබන ලොව ප්‍රධාන දර්ශකයක් වන  හෙන්ලේ විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ( Henley Passport Index )  ශ්‍රේණිගත කිරීම් වලට අනුව මෙම ලැයිස්තුගත කිරීම සිදු කර ඇත.

එම ලැයිස්තුවේ පිළිවෙලින් දෙවැනි ස්ථානය සිංගප්පූරුවටද , තෙවැනි ස්ථානය දකුණු කොරියාව හා ජර්මනියට හිමි වී ඇත.
2021 හෙන්ලේ විදේශ ගමන් බලපත්රය දර්ශකයට අනුව ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය  හිමි රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය  සිය වැනි ස්ථානයේ පසුවන අතර  එමගින් රටවල් 43 කට  වීසා නොමැතිව යා හැකි එහි සදහන් වේ.

පසුගිය වසරේ එම දර්ශකය සිදුකළ ශ්‍රේණිගත කිරීම් වලදී ශ්‍රී  ලංකා විදේශ බලපත්‍රයට 95 වන ස්ථානය හිමි වී තිබිණි.

2021 වසරේ හෙන්ලේ විදේශ ගමන් බලපත්‍ර දර්ශකය අනුව ලොව බලවත්ම ගුවන්ගමන් බලපත්‍රයක් සහිත රටවල් ලැයිස්තුවේ පිළිවෙළින් සිව්වැනි ස්ථානය ඉතාලිය, ෆින්ලන්තය, ස්පාඤ්ඤය සහා ලක්සම්බර්ගය ද, පස් වැනි ස්ථානය, ඩෙන්මාර්ක හා ඔස්ට්‍රියාවද, සයවැනි ස්ථානය ස්වීඩනය, ප්‍රංශය, පෘතුගාලය, නෙදර්ලන්තය,අයර්ලන්තය යන රටවල්ද, හත්වැනි ස්ථානය ස්විට්සර්ලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, නෝර්වේ,බෙල්ජියම සහ නවසීලන්තයද තේරී පත්ව ඇත.

මෙම ලැයිස්තුවේ අට වැනි ස්ථානයට ග්‍රීසිය, මෝල්ටා, චෙක් ජනරජය, හා ඕස්ට්‍රේලියාව ද, නමවැනි ස්ථානයට කැනඩාවද, දහ වැනි ස්ථානයට හංගේරියාව පසුවේ.

2021 වසර සදහා වන  හෙන්ලේ විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ලොව දුර්වලතම විදේශ ගමන් බලපත්‍රයක් හිමි රටවල් ලෙස උතුරු කොරියාව, ලිබියාව, නේපාලය, පලස්තීන අධිකාරිය, සෝමාලියාව, යේමනය, පකිස්ථානය, සිරියාව, ඉරාකය, ඇෆ්ගනිස්ථානය ලැයිස්තුගත කොට ඇත.

ලොව පුරා රටවල් 40 කට අඩු ගණනකට වීසා රහිත හෝ වීසා බලපත්‍ර ලබා ගැනීමේ ප්‍රවේශය පැවතීම නිසා මෙම රටවල් දුර්වලතම විදේශ ගමන් බලපත් සහිත රටවල් ලෙස ලැයිස්තුගත කොට ඇත.



අදහස් (1)

මේ වසරේ ලොව බලවත්ම විදෙස්ගමන් බලපත්‍රයේ පළමු ස්ථානය ජපානයට

menna Monday, 11 January 2021 01:40 PM

ජපානය... රටේ නම සරලයි. කොඩියේ පාට දෙකයි. ලෝකයේ හොඳම ගමන් බලපත්‍රය හිමි රට. එක වචනයකින් මුළු ලෝකයම දන්න රටක්. ලංකාව ගැන බැලුවොත්, ලංකාවේ නම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. රට ගැන හඳුන්වා දෙන්නම වචන 05ක්. ලංකා විදේශ ගමන් බලපත්‍රය 95 වන ස්ථානය...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 127 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2044 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site