තම ස්වාමියාගේ මළ සිරුර රහසේ වළලා දමා ඔහුගේ ප‍්‍රතිලාභ ගාස්තු එකතු කරන බිරිදකට සිර දඩුවම් දීමට එංගලන්තයේ බටහිර වේල්ස්හි අධිකරණය තීන්දු කළේය.
රෙබෙකා ස්ටඩි නැමැති ඇය 2008 දී මිය ගිය සැමියා ජොෆ්රි ස්ටඩි (56) ගේ සිරුර රහසිගතව තම ගෙවත්තේම වළ දමා තිබිණ. පසුව අවුරුදු 4 ක් පුරාවට ඇය ඔහුගේ විශ‍්‍රාම වැටුප් දීමනාව ඩොලර් 77318 (රුපියල් ලක්ෂ 101 පමණ) ලබා ගෙන තිබේ.
රෙබෙකා පිළිබඳ ඔත්තුවක් ලැබී පොලිසිය පැමිණ සැමියා පිළිබඳ විමසද්දී ඇය පවසා ඇත්තේ මේ දිනවල ඔහු යුරෝපය වටා සංචාරයක නිරත වන බවයි. නමුත් ජොෆ්රිට වලංගු ගමන් බලපත‍්‍රයක් නොමැති බව ඔවුහු සොයා ගත්හ. වළලා තිබූ ඔහුගේ සිරුර හමු විය. ඉන්පසු ඇය වරද පිළිගත්තාය.
ජොෆ්රි හෘදයා බාදයකින් මිය ගිය ලෙස සඳහන් වූවත් එයත් සැක සහිත බවත් මරණ පිළිබඳව පරීක්‍ෂණ තවමත් පවත්වන බවත් බලධාරීහු කියති.
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම වුණත් එංගලන්තේ පොලිසියට මේ ප්‍රශ්නේ සුල මුල හොයා ගන්න බැහැ. (ත)
ජෙෆ්රී එහෙනම් 'මරුවා සමග වාසේ' කරලා තියෙන්නේ.(දී)
බලන්න අපේ රටෙනම් වැඩක් නැති මිනිස්සු සියගණනක් වටේ පිරිලා බලන් ඉන්න හැටි බලන්න තිබුන.(දී)
එංගලන්තයට බැන්නට ඒ ආණ්ඩුව නීතිය හරියට ක්‍රියාත්මක කරන හැටිවත් අපේ මිනිසුන්ට ආදර්ශයට ගන්න බැරිද? (අ)