ලිංගික ක්‍රියාකාරකම් හේතුවෙන් මොළයේ ශක්තිය වැඩිදියුණු වන බව පර්යේෂණක් මගින් තහවුරු කැරගෙන ඇත. එමගින් මොළයේ ඇති ආතතිය නවතින බව ද එම වාර්තාවේ දැක්වේ. පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ යහපත් ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීමෙන් කඩවසම් බව ද ආරක්ෂාවන බවයි.

මෙයින් සිදුවන්නේ මොළයේ දිගුකාලින මතකය රඳවා ගන්නා ප්‍රදේශය වන හයිපොකැමිපසය නමැති කොටසේ අලුත් නියුරෝන වර්ධනය වීම බව ද විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත.

මනෝවිද්‍යාඥ ට්‍රෙසී ෂොර්ස් ස්නායු විද්‍යා සංගමයේ සමුළුවේදී ප්‍රකාශකර ඇත්තේ මෙලෙස වර්ධනය වන සෛල ආරක්ෂා කර ගැනීමට නම් මහන්සි වි වැඩකල යුතු බවයි. ඇය පවසා ඇත්තේ ව්‍යායාම මගින් සහ ලිංගික ක්‍රියාමගින් යන දෙකෙන්ම අළුත් සෛල නිපදවා ගත හැකි බවයි.

ෂොර්ස් මහත්මිය වැඩිදුරටත් මෙසේ ද කීයන්නීය.

මානසිකත්ව පුහුණුව මගින් මෙම නිපදවු සෛල දිගුකලක් ජිවත් කර තබා ගත හැකි වනවා. ලිංගික ක්‍රියා සහ ව්‍යායාම යන දෙකම කරන්නේ නම් සෛල රාශියක් නිපදවා ගැනීමට හැකිවනවා වගේ ම ඒවා දිගුකලක් ජීවතුන් අතර තබා ගත ගැනීමටත් හැකිවනවා.