ඉතා සීමිත සංඛ්‍යාවකට සීමා වූ නමුත් සටන් කාමී ගෝත්‍රික ජන කොට්ඨාශයක් බ්‍රසීලයේ වැසි වනාන්තරයකින් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රසීලයේ හා පේරු රාජ්‍යෙයේ දේශසීමාවට සමීප ප්‍රදේශයකින් මොවුන් එළියට පැමිණ ඇත. නම් නොදන්නා මේ ගෝත්‍රික කණ්ඩායම ඒ අවට දේශීය ජනවර්ගයා සමග සම්බන්ධතා ඇතිකැර ගනිමින් සිටින බව ද වාර්තා වේ.

විශේෂ කණ්ඩායමක් මේ ආගන්තුක ගෝත්‍රිකයන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හා ඔවුන්ට වැළඳිය හැකි වසංගත රෝග තත්ත්වයන්ට හා ස්වසනාබාධ වලට ප්‍රතිකාර කිරීමට යොමුව සිටින බව ද ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණ හැකියාවේ අඩුපාඩු ඇතැයි ද වෛද්‍ය කණ්ඩායම් පවසයි.

ගලවාගැනීමේ කණ්ඩායම් සාමාජිකයකුවන බ්‍රසීලයේ ඇක්රි ප්‍රාන්තයේ නික්ෂිවකා යවනාවා පවසන්නේ තමන් ද ගෝත්‍රික ප්‍රදේශයක සිටි පැමිණි බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කියයි.

‘‘ මගේ ඥාති වර්ගයා දැන් අතුරුදන් වෙමින් සිටිනවා. ඒ ගැන මා සිටින්නේ දැඩි කනස්සල්ලකින්. ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉටුවිය යුතුයි. බ්‍රසීලය හා පේරු රාජ්‍යයන් දෙකම මගේ මිනිසුන් විනාශ නොකර ආරක්ෂා කළ යුතුයි. “