ලන්ඩන් නුවර මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා අසපු සංචිතයේ නවතම ශාඛාව පසුගිය 9 වැනි සෙනසුරාදා උතුරු ලන්ඩනයේ ස්ටැන්මෝර් නගරයේදී ඇරැඹිණි. ලන්ඩන් නුවර විවෘත කළ 4 වැනි මහමෙව්නාව ශාඛාව මෙයයි.
2009 දී කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ උපදේශකත්වයෙන් කුඩා ඉඩ ප්‍රමාණයක ආරම්භ කෙරුණු බ්‍රිතාන්‍යයේ මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා අසපුව වසර 6 ක් වැනි කෙටි කාලයක් ඇතුළත විශාල සැදැහැවතුන් සංඛ්‍යාවකගේ ආකර්ෂණය දිනාගැනීමට සමත්ව ඇත. දැනට එහි මුලස්ථානය පිහිටා ඇත්තේ ලන්ඩන් නුවරින් බැහැර නිසංසල ගම්බද පරිසරයකින් යුතු බැසිල්ඩන් නගරයේයි.
ලන්ඩනය වැනි අති විශාල නගරයක සෑම පළාතකම ජීවත්වන බොදු සැදැහැවතුන්හට ආගමික කටයුතු සඳහා සහභාගිවීමට පහසුවන අන්දමට ඔවුනගේ ඉල්ලීම් සලකා බලා එම බැතිමතුන් වැඩිවශයෙන් ඉන්නා ප්‍රදේශයන්ට ආසන්නව අලුතින් මහමෙව්නා අසපු ආරම්භ කිරීම සුදුසු බවට පෙනීගිය නිසා ඉඩ ප්‍රස්ථා ලැබෙන අවස්ථාවල අලුත් අසපු ආරම්භ කිරීමත් සැදැහැවතුන්ගේ ඉල්ලීම් සලකා බලමින් ලන්ඩන් නුවරින් බැහැර අනෙකුත් නගර වලද අසපු ශාඛා ආරම්භ කිරීමේ බලාපොරොත්තුවක්ද ඇත.
ස්ටැන්මෝර් අසපුව සඳහා නිවාසයක් පුජාකර ඇත්තේ සැදැහැවත් ශ්‍රී ලාංකික යුවලක් විසිනි.
















COMMENTS
මේ ආරාම පූජාව අපිත් අනුමෝදන් වෙනවා ! දෙවි මිනිසුන් උදෙසා බිහිවූ මේ පැන් පොකුණ නොනැසී නොසිඳි බොහෝ කල් සිසිළ සලසත්වා ! සාදු සාදු සාදු !!! (නදී)
මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා අසපුවට ගිය විට ලංකාවේ පන්සල් ගියා වගේම ශ්‍රද්දවක් සිතේ ඇති වෙනවා, මෙවැනි පින් කම් කිරීමට දායක වන සැමට අමා මහා නිවන් සුව ලැබීමට මෙයම හේතු වසනා වේවා. (අ)