නයිජීරියාවට නුදුරින් මුහුදේ යාත්‍රාකළ නෞකාවක සිටි තුර්කි නැවියන් 10 දෙනෙක් ආයුධ සන්නද්ධ මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නැව් හිමිකරුවා පවසා ඇත්තේ තවත් නාවුකයින් අට දෙනෙකු නැවේ සුරක්ෂිතව සිටින බවයි.

මුහුදු කොල්ලකරුවන් නැව හැරගිය පසු එය ඝානාවේ ටෙමා වරායට රැගෙනවිත් ඇත.

පැහැරගත් නාවුකයින් නිදහස් කර ගැනීම සඳහා නයිජීරියානු හා ඝානා බලධාරීන් කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.

මෙය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන අතර කැමරූන් සිටි අයිවරි කෝස්ට් වෙත ගමන් කරමින් තිබියදී මෙලෙස මුහුදු කොල්ලකරුවන්ට හසුවී ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)