ඇමෙරිකාවේ මිසිසිපි ගල්ෆ් වෙරළ තීරයේ ස්වභාවික ගෑස් බලාගාරයක පිපිරීමක් සහ ගින්නක් ඇතිවී තිබේ.

 බිලොක්සි නගරය ආසන්නයේ පිහිටි එම ගෑස් බලාගාරයේ නිපදවෙන ගෑස් විශේෂ නල පද්ධතියක් මගින් ගෑස් නැව් වලට පොම්ප කරනු ලබයි.

මධ්‍යම රාත්‍රියේ වුවද ගින්න හටගත් මොහොතේම ක්‍රියා කළ සේවකයින් සහ අදාල අංශ ඒ ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කර තිබෙන අතර එම පිපිරීමෙන් කිසිවෙකුත් තුවාල ලබා නොමැති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ගිනි නිවීමේ දෙපාර්තුමේන්තුවේ ක්‍රියාශීලිභාවය සහ එම බලාගාරයේ සේවකයන්ගේ පරිශ්‍රමය හේතුකොටගෙන වැඩි විනාශයක් සිදුවීමට පෙර ගින්න මැඩපැවැත්වීමට හැකිවී තිබේ.

එමෙන්ම එම බලාගාරයේ ආරක්‍ෂිත පද්ධතිය හේතුවෙන් ඒ වන විට එම බලාගාරයේ සිටි සේවකයින්ට කිසිම හානියක් සිදුවී නැති බව බලධාරීහු ප්‍රකාශ කරති.  බලාගාරය ස්වභාවික නිධි භාවිතයෙන් ගෑස් නිපදවන ප්‍රධාන බලාගාරයක් වන අතර ඇමෙරිකාවටම ගෑස් සපයයි.