ඉරාකයේ මෝසුල් නගරය ආසන්නයේ පිහිටි අවතැන් කඳවුරක ආහාර විෂවීමක් නිසා එක් දරුවකු මියගොස් 750ක් පමණ රෝගී වී ඇති බව වාර්තා වේ.

මේ දිනවල සිදුකරන රාමදාන් උපවාසය අවසානයේ ලබාදුන් ආහාරයෙන් පසු වමනය සහ විජලන තත්වයන්ගෙන් පෙළුණු බොහෝ පිරිසක් රෝහල්ගත කළ බවත් ඔවුන් රෝහල් තුනක ප්‍රතිකාර ලබන බවත් බලධාරීහු පවසති.

කඳවුර ආසන්නයේ පිහිටි ඉර්බිල් නගරයේ අවන්හලක සකස් කළ ආහාර ස්වෙච්ඡා සංවිධානයක් විසින් කඳවුරට ලබා දී ඇත.

මොසුල් නගරය අයිඑස් සංවිධානය විසින් අත්පත් කර ගැනීමෙන් පසු පලාගිය ජනතාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම කඳවුර පිහිටුවනු ලැබ තිබේ.

(බී බී සී පුවත් ඇසුරිණි - 085)