මතභේදාත්මක ලෙස කාෂ්මීර ප්‍රාන්තයේ දිගින් දිගටම ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් සහ ඉන්දියාවේ නව පුරවැසි නීතිය හේතුවෙන් මිලියන ගණනක් මුස්ලිම්වරුන් ඉන්දියාවෙන් පලා යනු ඇතැයි පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසයි.
ජිනීවාහි සරණාගතයින් පිළිබඳ ගෝලීය සංසදය අමතමින් ඉම්රාන් ඛාන් එසේ පවසා ඇත.
"මෙය හුදෙක් සරණාගත අර්බුදයක් පමණක් නොව න්‍යෂ්ටික අවි වලින් සන්නද්ධ රටවල් දෙකක් අතර ගැටුමකට ද තුඩු දෙනු ඇතැයි අපි බිය වෙමු" යනුවෙන් පකිස්ථාන අගමැතිවරයා පවසයි.
සරණාගතයින් සඳහා තවදුරටත් නවාතැන් දීමට පකිස්ථානයට නොහැකි වනු ඇති බවත් ඔහු අවධාරණය කර තිබේ.
මේ සම්බන්ධව කටයුතු කරන ලෙස ඔහු ජාත්‍යන්තරයෙන්ද ඉල්ලා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
අරබි රටකට වඩා වැඩි මුස්ලිම් ප්‍රමාණයක් ඉන්දියාවේ ඉන්නවා. කොහේ කියලා යන්නද ඉතින් ..අනික සරණාගතයෝ කියලා කවුරු බාරගනිවිද
එහෙනම් ඉන්දියාවට හොඳයිනේ...
සරණාගතයින් සඳහා තවදුරටත් නවාතැන් දීමට පාකිස්ථානයට නොහැකි වනු ඇති බවත්, ඔහු අවධාරණය කර තිබේ. හරි ශෝක්... මුස්ලිම් රටවලටත් බැරිද මුස්ලිම් සරණාගතයින්ට රැකවරණ දෙන්න... එහෙනම් මොකටද බලහත්කාරයෙන් ලංකාව මියන්මාරය වගේ රටවලට යවන්නේ?
කියන්න පලායන්න කියලා. හැබැයි අසල්වැසි රටවලට නොවේ. ලෝකේ අර්බුද ඇතිකරන හා එකිනෙකා අවුලවා තම යුද උපකරණ විකුණන රටවලට. ඇති කරන්න කියන්න ඒ රටවල අර්බුද. එවිට අසල්වැසි රටවලට සාමය උදාවේවි... ලොවට සාමය උදාවේවි.
ඇඳිරිනීතිය දාපුවම එහෙම රට අතහැර පලා යනවා නම් අපිත් එහෙම කරමුකෝ. ඕන නම් අපිත් අරමුදලක් පිහිටුවල නොමිලේ බෝට්ටු සේවයක් පටන් ගන්න සම්මාදන් වෙන්නම්.
මුස්ලිම් ආගමිකයින් නිවරදි විය යුතුයි. හැම ජන කොට්ඨාෂයක්ම මුස්ලිම් අයගෙන් ඈත්වෙන්න හේතුව ඔවුන්ගේ ඇති ආත්මාර්ථකාමී ආගමික උන්මාදයයි.