උතුරු මැසඩෝනියාවේ බස්රථ අනතුරකින් 13 දෙනෙකු මියගොස් 30 දෙනෙකුට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
 
මැසඩෝනියාවේ ස්‌කොප්ඡේ අගනුවර සිට කිලෝමීටර් 20 පමණ දුරින් පිහිටි අධිවේගී මාර්ගයේ දී බස් රථය පෙරළීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව සෞඛ්‍ය ඇමැතිවරයා පැවසුවේය.
 
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මඟින් 50 දෙනෙක් සිට ඇති අතර තුවාල ලැබූවන්ගෙන් ගැබිනි මවක් ඇතුළු පස්දෙනෙකුගේ තත්ත්වය  බරපතල බව වාර්තා වේ.
 
ශල්‍යකර්ම සිදුකළ සහ අසාධ්‍ය තත්ත්වයෙන් සිටින මගීන් සංඛ්‍යාව මියගිය පිරිසට වඩා වැඩිවිය හැකි බව සෞඛ්‍ය ඇමැතිවරයා පැවසුවේය.
 
මැසඩෝනියාවේ මාරාන්තික වූ රථවාහන අනතුරු නිරන්තරයෙන් සිදු වන බවත්,අනතුරින් විපතට පත් අයට කනගාටුව ප්‍රකාශ කරන බවත්, තුවාල ලැබූවන් සඳහා කඩනම්  ප්‍රතිකාර ලබා දෙන බවත් මැසඩෝනියාවේ අගමැති සොරාන් සායෙව් මහතා ප්‍රකාශ කළේය.
 
(ඒ එෆ් පී ඇසුරෙනි)
 
(63226)