IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


මුෂාරෆ්ගේ නිවාස අඩස්සි කාලය තවත් දීර්ඝ කෙරේ

පාකිස්තානයේ හිටපු අගමැති බෙනාසීර් බූතෝගේ ඝාතන සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටින එරට හිටපු ජනපති පර්වේස් මුෂාරෆ්ගේ නිවාස අඩස්සි කාලය තවත් දින 14 කින් දීර්ඝ කිරීමට ඉස්ලාමාබාද් ත‍්‍රස්ත මර්දන අධිකරණයක් පෙරේදා (14) තීරණය කළේය.
දීර්ග කාලයක් රටින් පිටවී සිටි පාකිස්තානයේ හිටපු ජනපතිවරයකු මෙන්ම හමුදාපතිවරයකු ද වන පර්වේස් මුෂාරෆ් යළි සිය රට පැමිණියේ පසුගිය මාර්තු 24 වැනි දා ය.
පාකිස්තානයට පැමිණි විගස මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට පාකිස්තාන රජය සූදානමින් සිටියේය. ඒ, මුෂාරෆ්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා ඒවා සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වීමත් සඳහාය. එහෙත් මුෂාරෆ් පාකිස්තානයේ ඔහුගේ නීතීඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව පාකිස්තානයට පැමිණෙද්දී ඔහු අත්අඩංගුවට ගැනීම වැළැකිණි.
මහ මැතිවරණය ඉදිරිපත් වීමට මුෂාරෆ් සුදුස්සකු නොවේ යැයි ඉකුත් 14 වැනිදා පාකිස්තාන මහාධිකරණ කිහිපයක් තීන්දු කිරීමත් සමඟ මහ මැතිවරණයට ඉදිරිපත් වීමට ද ඔහුට හැකියාවක් නොලැබිණි.
මහාධිකරණ එසේ තීන්දු කළේ  මුෂාරෆ් බලයේ සිටිද්දී, ව්‍යවස්ථාවේ කි‍්‍රයාකාරීත්වය තාවකාලිකව අත්හිටුවීමටත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් තනතුරුවලින් පහ කිරීමටත් කටයුතු නිසාය.
නවාස් ෂරීෆ් දෙවැනි වරට අගමැති ධුරය හෙබවූයේ 1997 සිට 1999 තෙක් දක්වා කාලයේය. එය අවසන් වුණේ හමුදාපති ධුරයේ සිටි ජනරාල් මුෂාරෆ්ගේ හමුදා කුමන්ත‍්‍රණයෙනි.
දූෂණ චෝදනා එල්ල කරමින් ෂරීෆ් දිවි ඇති තෙක් සිරගත කිරීමට මුෂාරෆ් උත්සහ කළ ද එය අසාර්ථක විය. 1999 වසරේ දී ෂරීෆ් මෙන් නොව මුෂාරෆ් පාකිස්තානයේ අතිශයින් ජනපි‍්‍රය චරිතයක් විය.
දූෂණ චෝදනා, පැහැර ගැනීම්, මිනීමැරීමට තැත් කිරීම් ආදී චෝදනා එල්ල කරමින් මුෂාරෆ් තමා දිවි ඇති තෙක් සිරගත කිරීමට උත්සහ කළ ද තමන් මුෂාරෆ්ගෙන් පළි නොගන්නා බව ෂරීෆ් පවසා ඇත. මහ මැතිවරණයට පෙර ඔහු කියා සිටියේ තමා යළි බලයට ආවත් මුෂාරෆ්ගෙන් පළි නොගන්නා බවත් මුෂාරෆ් සම්බන්ධයෙන් පාකිස්තාන අධිකරණය බලා ගනු ඇති බවත්ය.



අදහස් (0)

මුෂාරෆ්ගේ නිවාස අඩස්සි කාලය තවත් දීර්ඝ කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 240 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 291 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1210 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site