ප‍්‍රංශ හමුදා සෙබළුන්ගේ සහාය ඇතිව අල් කයිඩාවළට සම්බන්ධ ඉස්ලාමීය සටන්කාමීන්ගේ ග‍්‍රහණයේ පැවැති ප‍්‍රධාන නගර කීපයක් යළි අත්පත් කර ගැනීමට තමන්ට හැකි වූ බව මාලි හමුදාව පවසයි.
ඒ අතරින් ගෝ නමැති නගරය මුදා ගැනීමට දින දෙකක් තිස්සේ සටන්කාමීන් සමඟ සටන් වැදීමට සිදුවූ බව ද මාලි හමුදාව වැඩි දුරටත් කියා සිටී.
දේශපාලනික වශයෙන් අස්ථාවර තත්ත්වයක පසුවන උතුරු අපි‍්‍රකාවට අයත් මාලි රාජ්‍යයේ පසුගිය වසරේ හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවී රට දේශපාලනික වශයෙන් අස්ථාවර විය.
එම අවස්ථාවෙන් ප‍්‍රයෝජනගත් උතුරු අපි‍්‍රකානු අර්ධ ද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සහ සෙසු ඉස්ලාමීය ජිහාඞ් සටන්කාමීහු එහි නගර රැසක් අත්පත් කර ගත්හ.
මාලි රාජ්‍යය සටන්කාමීන්ගෙන් මුදා ගැනීමට අන්තර්ජාතික සහාය මාලි හමුදාවටත් එරට රජයටත් හිමිවිය. ප‍්‍රංශය පමණක් නොව බටහිර අපි‍්‍රකා රාජ්‍යයන් සහ අපි‍්‍රකානු සංගමය ද ඔවුන්ගේ හමුදා මාලි රාජ්‍යයට යැවුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීම පරිදිය. මාලි රාජ්‍යය කලක් ප‍්‍රංශයේ යටත් විජිතයක් ලෙස පැවැතිණි.
2025 දෙසැම්බර් මස 18
662
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලි රටේ නගර කීපයක් සටන්කාමීන්ගෙන් මුදා ගැනේ