මාල දිවයින් ජනපති අබ්දුල්ලා යමීන් (56) ගමන් ගත් අධිවේගී බෝට්ටුවක් පිපිරීමකට ලක්ව ඇතැයි එරට පුවත් සේවා පවසයි.
අබ්දුල්ලා යමීන් හා ඔහුගේ බිරිය එහි ගමන් ගෙන ඇති අතර බෝට්ටුවේ සිදුවූ පිපිරීමෙන් ජනපති යමීන්ට කිසිදු හානියක් සිදුව නැතැයිද බිරියට තදබල තුවාල හා ජනපති ආරක්ෂකයකු ඇතුළු තවත් අයකුට සුළු තුවාල සිදුව ඇතැයිද කියති.
මාල දිවයින් ජනපති සෞදි අරාබියේ සංචාරයකින් පසු ඊබ්රහිම් නසීර් ගුවන්තොටුපළට පැමිණ ඇති අතර එතැන් සිට අධිවේගී බෝට්ටුවකින් මාලේ අගනුවර බලායද්දී එම පිපුරුම සිදුව ඇත. අනතුරින් පසු පොලිස් යාත්රාවක් මගින් ජනපතිවරයා සහ බිරිය ආරක්ෂිතව අගනුවරට රැගෙන ආ බවද විදෙස් පුවත් සේවා සඳහන් කරයි.
පිපිරීම සිදුවූයේ ජනපති යමීන් රැගත් බෝට්ටුව මාලේ ජැටියේ සිට යාත්රා කරමින් තිබියදී බවත් පිපිරීමෙන් බෝට්ටුවේ දෙපැත්තම කැඩී ගොස් මගීන් එහාට මෙහාට පැද්දුණු බවත් ගුවනේ පාවූ බෝට්ටු කෑලි ඔවුන් මතට වැටුණු බවත් ඇමැති ෂරීෆ් පවසයි.
බෝට්ටුව පිපිරී යාමට හේතුව තාක්ෂණික දෝෂයක් වීමේ ඉඩකඩ නැත්තටම නැති බව පෙනෙන්නේ යැයිද කඩාකප්පල්කාරී වැඩක් බව විශ්වාස කළ හැකි බවද ෂරීෆ් කීවේය.
යමීන්ගේ බිරිය තදබල ලෙස තුවාල ලැබූ බවත් ජීවිතයට තර්ජනයක් නැතැයිද ඇගේ කොණ්ඩයෙන් පහළ පෙදෙස තුවාල වී ඇතැයිද තුවාලකරුවන් තිදෙනාම මාලේ රජයේ රෝහලේ ප්රතිකාර ලබන්නේ යැයිද එරට වාර්තා පවසයි.



COMMENTS
හැමතැනම පළිගැනීම් පෝෂිත වෙලා, (බ)
හනේ අම්මෝ මාලේ රජයේ රෝහලුත් එකයි ප්රයිවටුත් එකයි, දත් කැක්කුමට බෙහෙත් ගන්න ගියාම හාර්ට් ඇටැක් වලට බෙහෙත් දෙන්නේ. මං දන්නා විදියට ලංකාවේ කෙනෙක් මැරුණත් එක්ක ඔහෙන් බෙහෙත් අරන්. (බ)
ම්.....එ්කත් එහෙමයි (බ)