(ක්වාලාලම්පූර්හිදීය (රොයිටර්)
මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට සම්බන්ධ බව කියන ස්ථාන පහක් ඊයේ (16) සහ අද, බ්‍රහස්පතින්දා (17) පොලිස් පරීක්ෂාවට ලක්ව ඇතැයි වාර්තා වේ.
පරීක්ෂාවට ලක්වූ ස්ථාන අතර හිටපු අගමැති නජීබ් රසාක් සහ ඔහුගේ පවුලේ උදවිය ජීවත්වූ නිවස ද අයත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් නජීබ් රසාක්ගේ නිවසේ තිබූ අත්බෑග් කිහිපයක් තවත් පෞද්ගලික අයිතම කිහිපයක් ද පොලිස් භාරයට පත්වූ බව හිටපු අගමැතිවරයාගේ නීතිඥයෙක් කීය.
හිටපු අගමැතිවරයා විසින්ම ආරම්භ කරනු ලැබූ ‘1මැලේසියා ඩිවලොප්මන්ට් බර්හාඞ්’ රාජ්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන ගණනක මුදලක් වංචා කළ බවට ඔහුටම චෝදනා එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් හයක පොලිස් පරීක්ෂණ පැවැත්වෙයි.
කෙසේ වෙතත් හිටපු අගමැති නජීබ් රසාක් තමන් කිසිදු වරදක් සිදු කර නැතැයි එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසයි.
(055)

COMMENTS
මේ විදිහට අපේ පරණ හොරු හා අලුත් හොරු නීතියට යටත් කරන්න බැරිද ?