මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් සහ අගවිනිසුරු අබ්දුල්ලා සයිඞ් සහ විනිසුරු අලි හමීඞ් යන අය අධිකරණයට බාධා කළ බවට වරදකරුවන් කරමින් මාලදිවයින් අධිකරණයක් මගින් මාස 18ක සිර දඬුවමක් අද (13) නියම කෙරිණි.
පොලිස් පරීක්‍ෂණ සඳහා ජංගම දුරකථන ලබානොදීම යන චෝදනා දඔවුන්ට එල්ල වී තිබේ.
එසේ වුවත් ඔවුහු එම චෝදනා ප‍්‍රතික්ෂේප කරති. ඔවුන්ට ලබා දී ඇති සිර දඬුවට වසරකුත්, මාස හයක් සහ දින 6කි.
මෙම අධිකරණ තීන්දුවට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇති අතර එය දේශපාලන උවමනාවක් මත කරන ලද්දක් යැයි ප‍්‍රකාශ කර තිබේ.
මෙම අසාධාරණකම් නවතාලීම සඳහා ලබන සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනතාව ඡන්දය භාවිත කළ යුතු යැයි මෙම තීන්දුවට විරෝධය පළ කරමින් එරට විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් ප‍්‍රකාශ කර ඇත.
(055)
COMMENTS
අපේ ජනාධිපති සහතික කරනතුරු මම නම් මේ නිව්ස් විශ්වාස කරන්නේ නැහැ.