IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


මාලදිවයිනේ නව ජනපති හෙට දිවුරුම් දෙයි

මාලේහිදීය (රොයිටර්)

මාලදිවයිනේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි හෙට (17) එම ධූරයේ දිවුරුම් දීමට නියමිතය.

මාලදිවයින තුළ චීන මූල්‍ය පහසුකම් යටතේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වූ අතර එම නිසාම මාලදිවයින ද චීනයේ ණය කන්දකට යට වී ඇත. ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ අබ්දුල්ලා යමීන් චීනයට හිතවත් ජනාධිපතිවරයකු වන අතර ඔහුට අනපේක්ෂිත පරාජයක් අත් පත් කරදෙමින් ජනාධිපතිවරණයෙන් ජයගත් මොහොමෙද් සෝලි ඉන්දියාවට හිතවත් දේශපාලනඥයෙකි. ඔහුට ඉදිරි කටයුතු සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ සහාය හිමි වනු ඇතැයි පැවසේ. 

අබ්දුල්ලා යමීන් ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීම චීනයට අත් වූ පරාජයක් යැයි ද ජාත්‍යන්තර දේශපාලන විශ්ලේශකයෝ පෙන්වා දෙති. කලාපය තුළ තම බලය ස්ථාවර කරගැනීම සඳහා චීනය සහ ඉන්දියාව බල අරගලයක නිරත වී සිටිති. 

ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි ජනාධිපති ධුරයේ දිවුරුම් උත්සවය හෙට (17) මාලේ අගනුවරදී පැවැත්වීමට නියමිත අතර ඉන්දීය අග්‍රාමාත්‍ය  නරේන්ද්‍ර මෝදිද මෙම උත්සවයට සහභාගී වීමට නියමිතය. චීනය නියෝජනය කරමින් එරට සංස්කෘතික හා සංචාරක අමාත්‍ය ලූ ෂූගන්ග් ද මාලදිවයිනට පැමිණීමට නියමිත යැයි පැවසේ.  

055



අදහස් (0)

මාලදිවයිනේ නව ජනපති හෙට දිවුරුම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 390 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 441 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 407 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site