ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිදහස හා සාධාරණ බව යන කරුණු අවතක්සේරුවට ලක් කරමින් මාලදිවයිනේ රජය ගන්නා තීරණ සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය දැඩි අවදානයකින් පසුවන බව ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතා ඉකුත් දා පැවැසීය.
ජූනි 20 සහ 21 දෙදින මාලදිවයිනේ සංචාරයක යෙදෙමින් මහකොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතා එම කරුණු කීවේය.
ප්‍රජාතන්ත්‍රවාදයට සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට හානි කරමින් මාලදිවයිනේ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව දිගින් දිගටම අවධානයෙන් පසුවන බව ද හෙතෙම කීය.
රැස්වීමට ඇති නිදහස, භාෂාණයේ නිදහස මැතිවරණ ක්‍රියාවලියට පූර්ණ වශයෙන් සහභාගී වීමට ඇති අයිතිය සහ නිදහස ඇතුළු මාලදිවයිනේ සියලු වැසියන්ගේ මූලික අයිතිවාසිකම් සහ ඔවුන්ගේ නිදහසට ගෞරව කරමින් කටයුතු කරන්නැයි මාලදිවයිනට අවධාරණය කරන බව මහකොමසාරිස්වරයා එම සංචාරයේදී පැවැසීය.
මැතිවරණ ක්‍රියාවලියේ විශ්වාසනීයත්වය තහවුරු කිරීම උදෙසා දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ද විපක්ෂයේ ක්‍රියාකාරකම්වලට ඒ සඳහා හිමිවිය යුතු නිදහස ලබාදෙන්නැයි ද ඉල්ලා සිටින බව මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් කීය.
055
2025 දෙසැම්බර් මස 18
108
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලදිවයින ගන්නා තීරණ ගැන ඕස්ට්‍රේලියාව අවදානයෙන්