සති දෙකක පමණ කාලයක සිට ඉස්ලාම් අන්තවාදීන්ගේ ග්‍රහනයේ පවතින පිලිපීනයේ මරාවි නගරය සම්පූර්ණයෙන්ම රජයේ පාලනයට යටත් කර ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව පිලිපීන ආරක්ෂක අංශ පවසයි.
ගැටුම් වලින් සාමාන්‍ය ජනතාවද ඇතුලුව 170ක් පමණ මියගොස් ඇති අතර ලක්ෂ දෙකක පමණ පිරිසක් නගරය අත්හැර පලා ගියහ. තවත් සියගනනක් සිවිල් පුරවැසියන් මූලික අවශ්‍යතා පවා නොමැතිව නගරයේ කොටුවී සිටිති.
කැරලිකරුවන් ආයුධ සහ ආහාර සංචිත ද රැගෙන බිම්ගෙවල් සහ උමං මාර්ග වල සැඟවී සිටින බැවින් ගුවන් ප්‍රහාර එල්ල කළද ඔවුන් මැඩපැවැත්වීම අසීරු වී ඇති බව බලධාරීහු පවසති. කැරළිකරුවන් 200ක් පමණ මෙසේ සැඟවී සිටිතැයි විශ්වාස කරන අතර ඔවුන් අයිඑස් ත්‍රස්තවාදීන් සමග සබඳකම් පවත්වන බව පැවසේ.


(බී බී සී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.