IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් යේමනයේ ආරක්‍ෂක ඇමැති රිය පෙළ මැදට පනී

දකුණු යේමනයේ ඒඩින් නගරය හරහා යේමනයේ ආරක්ෂක ඇමැති මොහොමඩ් නසාර් රැගත් රිය පෙළක් පෙරේදා (27) ගමන් ගනිද්දී එය මැදට බෝම්බකරුවකු සිය වාහනයෙන් කඩාවැදී  බෝම්බයක් පුපුරුවා ගෙන ඇතත් ආරක්ෂක ඇමතිගේ ජීවිතය බේරී ඇත්තේ අනූ නවයෙනි. ඇමැති නසාර්ගේ ජීවිතයට මසක් ඇතුළත එල්ල වූ දෙවැනි ප‍්‍රහාරය මෙය වේ. මෙම ප‍්‍රහාරය පිටුපසින් සිටින්නේ අල් කයිඩා සංවිධානය බව පොලිසිය සැක කරයි. මෙම මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය නිසා රිය පෙළෙහි ඉදිරි වාහනයේ ගමන් ගත් සත් දෙනෙකු තුවාල ලැබූහ. මේ අවස්ථාවේ ආරක්ෂක ඇමැති නසාර් ගමන්ගෙන ඇත්තේ දෙවැනි රිය තුළය. මෙම බෝම්බය දුරස්ථ පාලකයක් උපයෝගී කරගෙන පුපුරවා හරින්නට ඇතැයි මුලදී සිතූ නමුත්, පුපුරා ගිය රිය තුළ තිබී තරුණයෙකුගේ මළසිරුරක් හමුවීමෙන් පසු මෙය මරාගෙන මැරෙන වැඩක් බව හෙළිවී තිබේ. මෙකී බෝම්බ පිපිරවීම ගැන පරීක්ෂණ පැවැත්වූ ආරක්ෂක අංශ කියා සිටින්නේ, යොදාගෙන ඇති පුපුරණ ද්‍රව්‍ය හා ආකාරය පරීක්ෂා කිරීමේදී එය අල්කයිඩා ප‍්‍රහාරයක් බව නිසැකවම කිව හැකි බවයි. බෝම්බය පුපුරා යාමෙන් පසු රිය පෙළෙහි වාහනයක්ද ගිනිගෙන දැවුණු බව මෙම සිද්ධිය ඇසින් දුටුවෙක් පැවසීය. යේමනයේ ජනාධිපති අලි අබ්දුල්ලාට විරුද්ධව ජනතා රැල්ලක් හට ගත්තේ මේ වසර ආරම්භයේදීමය. මේ අතරතුර අල්කයිඩා සංවිධානය හා සබඳකම් ඇති ඉස්ලාමීය තරුණ කොටස් ආරක්ෂක අංශ ඉලක්ක කරගෙන දකුණු යේමනය තුළ ප‍්‍රහාර වැඩිකර ඇත.



අදහස් (0)

මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් යේමනයේ ආරක්‍ෂක ඇමැති රිය පෙළ මැදට පනී

දුලාන් Friday, 23 May 2014 10:44 AM

මොකද ආරක්ෂක අංශය හිටියේ නැද්ද? අපේ හමුදාවේ කොල්ලෝ ඉන්න ඕන ඕවට. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site