ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහාන් සිං මහතා රාජස්ථාන් ප්‍රාන්තයෙන් එරට පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානම් වන බව ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.
ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ රාජ්‍ය සභාවේ ධුර කාලය පසුගිය ජූනි මාසයේදී අවසන් විය.
ආචාර්ය මන්මෝහන් සිං ඇසෑම් ප්‍රාන්තය නියෝජනය කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාව නියෝජනය කළේය.
මේ අනුව ඔහු අගෝස්තු 13 වැනිදා රාජස්ථාන් ප්‍රාන්තය නියෝජනය කරමින් නාම යෝජනා ලබාදීමට නියමිත බව පැවසේ. රාජස්ථාන ප්‍රාන්තයේ අතුරු මැතිවරණය ඉදිරියේදී පැවැත්වීමට නියමිත අතර ආචාර්ය මන්මෝහන් සිං මහතා ඒ සඳහා ඉදිරිපත් කිරීමට කොංග්‍රස් පක්ෂය සූදානම් වන බව ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබිණි.
භාරතීය ජනතා පක්ෂයේ මදන් ලාල් සයිනි මහතා ජූනි 24 වැනිදා අභාවප්‍රාප්ත වූ අතර එහෙයින් රාජ්‍ය සභාවේ රාජස්ථාන ආසනය මේ වනවිට පුරප්පාඩුව ඇත. ආචාර්ය සිං ඉදිරිපත් වන්නේ ඒ වෙනුවෙනි.
රාජස්ථාන් ප්‍රාන්තයේ බහුතර බලය කොංග්‍රස් පක්ෂය සතු වන බැවින් ආචාර්ය සිං අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ඇතැයි පැවසේ. ආචාර්ය සිං ට බහුජන් සමාජ් පක්ෂය ඇතුළු තවත් පක්ෂ කිහිපයකම සහාය හිමිව ඇත. හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං 1991 වසරේ 2019 වසර දක්වා ඇසෑම් ප්‍රාන්තය නියෝජනය කරමින් අඛණ්ඩව පස් වතාවක් රාජ්‍ය සභාවට තේරී පත්විය.
අතුරු මැතිවරණය අගෝස්තු 26 වැනිදා පැවැත්වීමට නියමිත අතර මැතිවරණ ප්‍රතිඵල ද එදිනම නිකුත් කෙරේ.
‘ද හින්දු’ ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුගක් අය නොදන්නවා උනාට මෑත ඉතිහාසයේ පළමු වතාවට ඇමෙරිකාවේ පසුගිය ජනාධිපතිවරනේදී හිලරි පාර්ශවය ක්‍රියාත්මක කලේ ලංකාවේ මැතිවරණ ක්‍රමයට සමාන ක්‍රමයක්, එහිම දිගුවක් ලෙසින් ඉන්දියාවත් කලින් අගමැති නැවතත් පාර්ලිමේන්තුව හරහා ගෙන ඒමට උත්සාහ කරනවා හරියට මහින්ද මහත්මයා කළා වගේ... කවුද කියන්නේ ලංකාව දේශපාලන ලෝකයට පුර්වාදර්ශ සපයලා නැහැයි කියලා....