මිනීමැරුම් චෝදනාවකට ලෙසතෝ රාජ්‍යයේ අගමැති ආර්යා මෙසියා තබානේ මහත්මිය පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
එරට අග්‍රාමාත්‍ය තෝමස් තබානේ මහතාගේ පළමු බිරිඳ වන ලිපොලියෝ තබානේ මහත්මිය ඝාතනයට සම්බන්ධ බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
2017 වසරේ දී ලිපොලියෝ තබානේ මහත්මිය වෙඩි තබා ඝාතනය කෙරිණි.
ඝෘතනය සම්බන්ධයෙන් නාඳුනන තුවක්කුකරුවකුට චෝදනා එල්ල වුවද මේ වන විට ඒ පිළිබඳ නවතම සාක්ෂි අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී ඇත.
මෙසියා තබානේ මහත්මිය අත්අඩංගුවට ගැනීමට පසුගිය ජනවාරි 10 වැනිදා වරෙන්තු නිකුත් කළ ද ඇය සැඟවී සිටියේය.
කෙසේ වෙතත් දකුණු අප්‍රිකා දේශසීමාවේදී පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබීය.
ඝාතනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් ද ප්‍රශ්න කර ඇත.
-226-
(බීබීසී ඇසුරෙනි)
COMMENTS
ලෙසොතෝ ලංකාවට වඩා හොඳයි වගේ?