දිනකට අමතර පියවර 2000ක් ඇවිදිය හැකිනම් හෘදයාබාධ වලින් වැළකි සිටිය හැකි බව පර්යේෂකයෝ පෙන්වාදෙති.
ව්‍යායාම කිරීම විනාඩි 20ක් සාමාන්‍ය වේගයෙන් ඇවිදීමට සමකළ හැකියැයි ලැන්සෙටි වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට පත්කැර ඇති පර්යේෂන වාර්ථාවක දැක්වේ.
එහි දැක්වෙන්නේ දිනකට අමතර පියවර 2000ක් ඇවිදිමින් එය වසරක් පුරා ක්‍රියාවට නංවන අයකුගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය ඉහළ මට්ටමක පවතින බවයි.
ලිසෙස්ටර් විශ්වවිද්‍යාලයේ දියැවඩියා පර්යේෂණ ඒකකයේ ප්‍රධානී තෝමස් යේටීස් සිදුකළ මේ පර්යේෂණයට අමතරව ඔහු සඳහන් කරන්නේ දිනකට මිනිත්තු 40ක් පියවර 4000ක් ඇවිද යන පුද්ගලයකුට ලැබෙන ප්‍රතිලාභය දියවැඩියා රෝගියකුගේ එක් බෙහෙතේ වේලකට සමාන බවයි.
පර්යේෂකයන් පෙන්වාදෙන්නේ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුකරන ඖෂධ වලින් අතුරු ආබාධ ඇතිවුව ද ඇවිදීමෙන් අතුරු ආබාධ කිසිවක් නොමැතිව කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරමින් දියවැඩියාවෙන් ද වැළකී සිටිය හැකි බවයි.
මේ අධ්‍යයනය සඳහා රටවල් 40 ක වැඩිහිටියන් 9306 ක් යොදාගෙන තිබිණි.
ඔවුන් අතිරින් 531 දෙනෙක් හෘදයාබාධ තත්ත්වයන්ට ලක්වූවෝ වෙති. අධ්‍යයනය සඳහා යොදා ගැනීමේ දී ඔවුන් හෘදයාබාධ අවදානමෙන් මිදී තිබුණු බව ද වාර්තා වෙයි.
එක්සත් රාජධානියේ දියවැඩියාව සම්බන්ධ කටයුතු කරන එක්සත් රාජධානියේ ස්වේච්ඡා සේවා ආයතනයේ පර්යේෂණ සන්නිවේදන නිලධාරි වෙද්‍ය රිචඩි එලියට් පවසන්නේ භෞතික ක්‍රියාකාරකම් මගින් හෘද රෝග, ආඝාත තත්වයන් සහ විශේෂයෙන්ම දෙවැනි වර්ගයේ දියවැඩියාව වළක්වා ගත හැකි බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගොල්ලෝ හදවත බේරගන්න ඇවිදිනවා. අපි බඩ ගින්දර නිවාගන්න දවසෙම දුවනවා.(නදී)