මාධ්‍යවේදී ජමාල් කශෝජිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් තමන් සෞදි අරාබියේ සල්මාන් රජු සමඟ කතාබහ කළ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අද (15) පැවැසීය.
මාධ්‍යවේදියාගේ අතුරුදන්වීමට සෞදියේ හෝ සෞදි පාලන තන්ත්‍රයේ කිසිදු සම්බන්ධයක් නැතැයි ද එල්ල වන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන්නේ යැයි ද සෞදි රජු තමන් සමඟ පැවැසූ බවද ඇමෙරිකා ජනාධිපතිවරයා කීවේය.
සෞදි රජු සල්මාන් බින් අබ්දුල්අසිස් අල් සෞද් හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමන් රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ එරටට යවන බව ද ට්‍රම්ප් කීය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ සෞදියේ සල්මාන් රජු විනාඩි 20කට ආසන්න කාලයක් දුරකතනය ඔස්සේ මාධ්‍යවේදී ජමාල් කශෝජිගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් කතාබහ කර ඇත.
මාධ්‍යවේදී ජමාල්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සෞදි රාජධානියට චෝදනා එල්ල කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරිහු තරමක මැලිකමක් දක්වති.
ඬේලිමේල් ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd