‘තමන්ගේ සෑම දරුවකුම ඉන්දියාවට එරෙහිව සටන් කිරීමට සූදානම්‘ යැයි උර්දු බසින් සඳහන් කළ පණිවිඩයක් ගැට ගසා පැමිණ සිටි පරවියකු ඉන්දීය දේශ සීමාවේ දී සොයාගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
පන්ජාබ්හි පතන්කොට් ප්‍රදේශයේදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් පරවියා සොයාගනු ලැබූ අතර එම පණිවිඩය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලියා ඇතැයි ද කියති.
තමන් 1971 සිටි පකිස්තානුවන් නොවන බවද එහි සඳහන්වී තිබූ බව ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රධානියකු කියා සිටියේය. අවසන් වරට ඉන්දියාව හා පාකිස්තානය අතර ප්‍රධාන යුද ගැටුමක් පැවතියේ 1971 වසරේ දීය. එබැවින් මෙම පණිවිඩය සුළුවෙන් සැලකිය නොහැකි බවද එරට ආරක්ෂක අංශ සඳහන් කරයි.
මේ අතර මෙම සිදුවීමට පෙර දිනයේ එම ප්‍රදේශයෙන්ම එම පණිවිඩයම සටහන් කර එවා තිබූ බැලූන දෙකක් සොයා ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත්ව තිබූ බවද වාර්තාවේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට පස්සේ පරෙවියන්ගේ ගැට ගහලා බෝම්බ එවාවිද දන්නේ නැහැ.(හේ)
පාකිස්තානය අපට හුගක් මිතුරු රටක්.පකිස්තානයට ජයවේවා.(ම)
ආයෙත් පරණ ක්‍රමයට පණිවුඩ එවන්න පටන් අරගෙනද? (නි)
මේ ගැටුම සමතයකට පත්කරන්න අපේ අගමැති තුමා මැදිහත් විය යුතුයි . එදා ජේ . ආර් . ජයවර්ධන ශ්‍රී මතානන් කටයුතු කළා සේ.. .. නහි වේරේන වේරානි .. (ම)
මේ ප්‍රශ්නය දුර දිග යනවා වැඩියි වගේ.(හේ)
මම ඉතාම අකමැති රටවල් දෙකක් (හේ)
අපේ රට ළගම යුද්ධයක් යනවා කියන්නේ, ඒක අපිටත් තර්ජනයක්. ඒක නිසා ඕක ඉක්මනින්ම සාමකාමි ලෙස විසදගන්නවා නම් හොදයි. (ර)
යුද්දයක් පටන් ගත්තොත් අපි පකිස්ථානයට සහයෝගය දිය යුතුයි. මොකද අපි කොටි එක්ක යුද්ද කරපු කාලේ ඉන්දියාව අපිට ආයුද දෙන්න බැහැ කියනකොට අපිට උදව් කලේ පකිස්ථානයයි. (ර)
කැමැත්ත අකමැත්ත කෙසේ වෙතත් යුධගැටුම් නම් කිසිම දේශයක ඇති නොවේවා යන්නයි මගෙනම් පැතුම. (ර)
යුද්ධය ඉතාමත් කුරිරුයි. ඒත් ලෝකයටම පිළිලයක්වූ සම්භවයක් ඉන්න රටකට මොන අනුකම්පාවක්ද? (නි)
එහෙනම් දැන් යුද්ධය පටන් ගනි.(හේ)