IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මෝදිට පරවියකුගෙන් පණිවිඩයක්

‘තමන්ගේ සෑම දරුවකුම ඉන්දියාවට එරෙහිව සටන් කිරීමට සූදානම්‘ යැයි උර්දු බසින් සඳහන් කළ පණිවිඩයක් ගැට ගසා පැමිණ සිටි පරවියකු ඉන්දීය දේශ සීමාවේ දී සොයාගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

පන්ජාබ්හි පතන්කොට් ප්‍රදේශයේදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් පරවියා සොයාගනු ලැබූ අතර එම පණිවිඩය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලියා ඇතැයි ද කියති.

තමන් 1971 සිටි පකිස්තානුවන් නොවන බවද එහි සඳහන්වී තිබූ බව ඉන්දීය ආරක්ෂක අංශ ප්‍රධානියකු කියා සිටියේය. අවසන් වරට ඉන්දියාව හා පාකිස්තානය අතර ප්‍රධාන යුද ගැටුමක් පැවතියේ 1971 වසරේ දීය. එබැවින් මෙම පණිවිඩය සුළුවෙන් සැලකිය නොහැකි බවද එරට ආරක්ෂක අංශ සඳහන් කරයි.

මේ අතර මෙම සිදුවීමට පෙර දිනයේ එම ප්‍රදේශයෙන්ම එම පණිවිඩයම සටහන් කර එවා තිබූ බැලූන දෙකක් සොයා ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත්ව තිබූ බවද වාර්තාවේ.

webCtvAOHkUkAQFidC

webCtxULo5UsAUH9sxweb192306-pigeon-1475417579-570-640x480



අදහස් (0)

මෝදිට පරවියකුගෙන් පණිවිඩයක්

නිරංජන් Tuesday, 04 October 2016 05:10 AM

ඊට පස්සේ පරෙවියන්ගේ ගැට ගහලා බෝම්බ එවාවිද දන්නේ නැහැ.(හේ)

:       0       0

මොහොමඩ් Tuesday, 04 October 2016 06:11 AM

පාකිස්තානය අපට හුගක් මිතුරු රටක්.පකිස්තානයට ජයවේවා.(ම)

:       0       0

ටෙනිසන් Wednesday, 05 October 2016 02:54 AM

ආයෙත් පරණ ක්‍රමයට පණිවුඩ එවන්න පටන් අරගෙනද? (නි)

:       0       0

සමන් Thursday, 06 October 2016 07:25 AM

මේ ගැටුම සමතයකට පත්කරන්න අපේ අගමැති තුමා මැදිහත් විය යුතුයි . එදා ජේ . ආර් . ජයවර්ධන ශ්‍රී මතානන් කටයුතු කළා සේ.. .. නහි වේරේන වේරානි .. (ම)

:       0       0

ඉෂාන් Tuesday, 04 October 2016 09:33 AM

මේ ප්‍රශ්නය දුර දිග යනවා වැඩියි වගේ.(හේ)

:       0       0

රසික Tuesday, 04 October 2016 10:15 AM

මම ඉතාම අකමැති රටවල් දෙකක් (හේ)

:       0       0

අංජලී Thursday, 06 October 2016 10:40 AM

අපේ රට ළගම යුද්ධයක් යනවා කියන්නේ, ඒක අපිටත් තර්ජනයක්. ඒක නිසා ඕක ඉක්මනින්ම සාමකාමි ලෙස විසදගන්නවා නම් හොදයි. (ර)

:       0       0

සහන Thursday, 06 October 2016 11:17 AM

යුද්දයක් පටන් ගත්තොත් අපි පකිස්ථානයට සහයෝගය දිය යුතුයි. මොකද අපි කොටි එක්ක යුද්ද කරපු කාලේ ඉන්දියාව අපිට ආයුද දෙන්න බැහැ කියනකොට අපිට උදව් කලේ පකිස්ථානයයි. (ර)

:       0       0

ඉසුරන්දි Tuesday, 04 October 2016 01:08 PM

කැමැත්ත අකමැත්ත කෙසේ වෙතත් යුධගැටුම් නම් කිසිම දේශයක ඇති නොවේවා යන්නයි මගෙනම් පැතුම. (ර)

:       0       0

සිරිල් Thursday, 06 October 2016 02:42 AM

යුද්ධය ඉතාමත් කුරිරුයි. ඒත් ලෝකයටම පිළිලයක්වූ සම්භවයක් ඉන්න රටකට මොන අනුකම්පාවක්ද? (නි)

:       0       0

පිටිගල Tuesday, 04 October 2016 02:43 PM

එහෙනම් දැන් යුද්ධය පටන් ගනි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site