මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා යුරෝපා සංගමයට අයත් රටවල් කරන ලද ඉල්ලීම්වලට වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ ප්‍රතිචාර දක්වා නැතැයි ප්‍රංශය අද (30) ප්‍රකාශ කළේය.
වෙනිසියුලාවේ කැරැකස් නුවර ජනාධිපති මදුරෝට එරෙහිව දැවැන්ත විරෝධතා රැලි පැවැත්වෙමින් තිබෙන මොහොතක ප්‍රංශ ඒ බව සඳහන් කළේය.
“යුරෝපා සංගමයට අයත් රටවල් නව මැතිවරණයක් සම්බන්ධයෙන් වෙනිසියුලාවේ ජනාධිපතිවරයාට ඉල්ලීම් ඉදිරිපත් කළා. එහෙත් ඔහු ඊට ප්‍රතිචාර දක්වා නැහැ. යුරෝපා සංගමයේ විදෙස් අමාත්‍යවරුන් හෙට බුචාරෙස්ට්හිදි හමු වී ඒ පිළිබඳව සාකච්ඡා කරනවා” යැයි ප්‍රංශයේ විදේශ කටයුතු අමාත්‍ය ජෝන් යීව්ස් ල ඩි්‍රයෝන් පැවැසීය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd