තම පෙම්වතියට විස්මයජනක මංගල යෝජනාවක් කළ ඉංජිනේරු පෙම්වතෙක් ඇමරිකාවේ ටෙක්සාස් නගරයේ සිටියි. මිචෙල් බේසන් සියල්ල පෙරතියා සැලසුම් කර පෙම්වතිය ඇනා රෝල්ස් සමග මෙක්සිකෝහි විනෝද චාරිකාවකට සහභාගි විය.
එහිදී පෙම්වතිය සමග මුහුදේ කිමිදීමට අවස්ථාවක් සලසා ගත් මිචෙල් මුහුදු පතුලටම ගොස් ‘ඇනා, ඔයා මාත් සමග විවාහ වෙනවාද?’ යනුවෙන් සඳහන් කළ පුවරුවක් පෙන්වීය. එය අදහාගත නොහැකි සතුටට පත් ඇය එය අත් දෙකින්ම ගෙන ‘ඔව්’ යනුවෙන් සඳහන් කළාය.
මේ සියල්ල කලින් සවිකර තිබූ කැමරාවල සඳහන් විය. ඇනා නොදැනුවත්ව, මුහුදු පතුලේ සතුට භුක්ති විඳින ඔවුන්ගේ ආරක්ෂාව සඳහාද තවත් කිමිදුම්කරුවෝ කණ්ඩායමක් ඔවුන් අවට සැරි සැරූහ.
මෙය සැලසුම් කිරීමට ඔහුට මාසයක් පමණ ගත වූ බව ඔහු සඳහන් කරයි. තම පෙම්වතිය නිතර වෙනස්ම දේකට කැමැත්තක් දක්වන නිසා මෙසේ කිරීමට සිතූ බව ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිත ගිය තැන මාලිගාව (දී)
මරුනේ?මැරෙන වැඩක්නේ? (අ)
පිස්සු නැත්නම් ෂෝක්
මුහුදු පතුලේදී බැරිවෙලාවත් ...අකමැති උනා නම් එහෙම..ඉංජිනේරුවාගෙන් ගැලවීමක් නැහැ. ඇනාට වෙන්නේ මුහුදේදී ,තල්මහෙකුට ආදරය කරන්නයි (අ)
ගැහැණුන්ගේ අදහස් තේරුම් ගෙන ගැහැනියගේ සතුටට හේතු රැස් කර තම පෙම්වතියට තම අදහස කියා දුන් නුබ සැබෑ ආදරය හදුනන රත්තරන් පිරිමියෙකි,ඔබ දෙදෙනාට මගේ උණුසුම් සුබ පැතුම්, හරිම වාසනාවන්ත සිදුවීමක්...!! (අ)
ඔබේ සැප මගේ සතුටයි'' ඔහු ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වා දී ඇත (අ)
නිතරම වෙනස් දේ දෙන්න ගිහින් මේ මනුස්සය අමාරුවේ නොවැටේවා ! (අ)