ලන්ඩන්හිදීය (ඒ.එෆ්.පී)
සසෙක්ස්හි ආදිපාදවරිය වන මේගන් මාකෙල් ආර්යාව අද (6) පුතකුට උපත දුන් බව ඇයගේ ස්වාමි පුරුෂයා වන බ්‍රිතාන්‍යයේ හැරී කුමරු නිවේදනය කළේය.
බටහිර ලන්ඩනයේ වින්ඞ්සර් මාලිගාව ඉදිරිපිටට රැස්ව සිටි මාධ්‍ය හමුවට පැමිණ හැරී කුමරු ඒ බව නිවේදනය කළේය.
“අම්මාත් දරුවාත් ඉතාමත් හොඳින් ඉන්නවා. මට ගොඩක් සතුටුයි. අපිට පුංචි පුතෙක් ලැබුණා” ප්‍රීතියෙන් උද්දාමයට පත්ව සිටි හැරී කුමරු පැවැසීය.

“මේක තමයි මගේ ජීවිතයේ ලබපු සුවිශේෂී අත්දැකීම” යැයි ද ඔහු කීවේය.
කුමරු රජ කිරුළ හත්වැනි උරුමකරුවා බවත් උපත ලබන විට කුමරුගේ බර පවුම් හතක් සහ අවුන්ස තුනක් වූ බවත් බකිංහැම් මාලිගය නිවේදනය කළේය.
055


COMMENTS
උණුසුම් සුබ පැතුම්!
කුමරුගේ බර පවුම් 7 ක් ?
රාත්තල් ලෙස නිවැරදි විය යුතුය