IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මොගඩිෂු පොලිස්පති නූලෙන් බේරෙයි

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දිවි බේරාගැනීමට සෝමාලියාවේ මොගඩිෂු නුවර පොලිස් ප්‍රධානියා සමත්ව ඇත.

අල් ෂබාබ් සටන්කාමීන් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන අතර ප්‍රහාරයෙන් පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මරාගෙන මැරුණු බෝම්බකරු මෝටර් රථයකට බෝම්බ පුරවාගෙන පැමිණ ඇති අතර මෙම පිපිරීමෙන් විශාල හානියක් සිදුව ඇතැයි ද වාර්තා වේ.

පොලිස් ප්‍රධානියාගේ රථ පෙළ ඉලක්ක කරගනිමින් මොගඩිෂු නුවර ජනාකීර්ණ ප්‍රදේශයක දී මෙම මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබේ.

ප්‍රහාරයෙන් පොලිස් ප්‍රධානී ෆර්හාන් මහ්මුද් දිවි බේරාගැනීමට සමත් වූ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෝමාලියානු පොලිසියේ ප්‍රකාශක සදීක් ඩුඩිෂේ ප්‍රංශ පුවත් සේවයට පැවැසීය.

අල් ෂබාබ් සංවිධානයේ මෙම ප්‍රහාරයේ වගකීම බාරගත්තේ ය.

අල් ෂබාබ් යනු අල් කයිඩා සංවිධානය සමඟ සම්බන්ධකම් ඇති සන්නද්ධ කණ්ඩායම් දෙකකි.

මෙම කණ්ඩායම් දෙකම ත්‍රස්තවාදී කණ්ඩායම් ලෙස නම් කර ඇත.

ජාත්‍යන්තර විසින් පිළිගෙන තිබෙන සෝමාලියානු ආණ්ඩුව පෙරළා දැමීම සඳහා අල් ෂබාබ් සංවිධානය සටන් වදී.

පුපුරණ ද්‍රව්‍ය පුරවාගත් මෝටර් රථය මොගඩිෂු නුවර පොලිස් ප්‍රධානියාගේ මෝටර් රථ පෙළට කඩා වැදී පුපුරා යෑමත් සමඟ මුළු ප්‍රදේශයම විශාල එළියකින් ආලෝකමත් වූ බවත් ඒ ආසන්නයේ ගොඩනැගිලි රැසක වහළ සහ ජනෙල් බිඳී ගිය බවත් වාර්තා විය. එපමණක් නොව මෝටර් රථ රැසක් ද විනාශයට පත්ව ඇතැයි වාර්තා විය.

(රොයිටර්)



අදහස් (0)

මොගඩිෂු පොලිස්පති නූලෙන් බේරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site